මේ ලගදි දවසක මට පොඩි වැඩකට backtrack 5 දාන්න සිද්ධවුනා. මුලින්ම කියන්නම්කෝ ඒ මොකක්ද කියලා.. backtrack 5 කියනන්නේ linux OS එකක්. මේක හුගක් පාවිච්චි කරන්නෙ Hacking වගේ දේවල් වලට තව මේක vulnerability test කරන්න වගේ දේවල් වලටත් පාවිච්චි වෙනවා. පොඩ්ඩක් test කරලා බලන්න ඔනෙ නම් මෙන්න මෙතනින් download කරගන්න පුලුවන්. තියෙන්නෙ ඉල්ලන විස්තර ටික දීලා download දෙන්න විතරයි.
දැන් ඉතින් ඕක install කලාට පස්සෙ මගෙ wifi වැඩ නෑ. මට ඕන වුනෙත් wifi සම්බන්ධ වැඩකට නිසා මම ඒක ගැන පොඩ්ඩක් search කලා පස්සෙ තමයි දැනගත්තෙ හේතුව drivers අවුලක් කියලා. ඉතින් ඒක ගොඩදාගත්ත විදිහත් කට්ටියට වැදගත් වෙයි කියලා හිතුන නිසා මම blog එකේ දාන්න හිතුවා.
එහෙනම් ඉතින් වෙනදා වගෙම terminal එකක් open මෙන්න මේ code ටික ගහන්න පටන් ගන්න ;)
# ln -s /usr/src/linux /lib/modules/2.6.39.4/build
# cd/usr/src/
# wget http://linuxwireless.org/download/compat-wireless-2.6/compat-wireless-2011-07-14.tar.bz2
මට මෙතනදි මේ command එක වැඩ කලේ නෑ ඒ හින්දා මම මේක වෙනම download කරලා /usr/src එක ඇතුලට copy කලා
# tar jxpf compat-wireless-2011-07-14.tar.bz2
# wget http://www.backtrack-linux.org/2.6.39.patches.tar
මෙකත් කලින් වගේ වෙනම download කරලා /usr/src එක ඇතුලට copy කලා
# tar xpf 2.6.39.patches.tar
# cd compat-wireless-2011-07-14
# patch -p1 < ../patches/mac80211-2.6.29-fix-tx-ctl-no-ack-retry-count.patch
# patch -p1 < ../patches/mac80211.compat08082009.wl_frag+ack_v1.patch
# patch -p1 < ../patches/zd1211rw-2.6.28.patch
# patch -p1 < ../patches/ipw2200-inject.2.6.36.patch
# make
# make install
දැන් ඉතින් ඕක ටිකක් වෙලා ( පැය භාගයක් විතර ) වැඩ කරයි. ඊට පස්සෙ restart එකක් දෙන්න.
# reboot
පොතේ විදිහට wifi වැඩ කරන්න ඕනෙ. කරල බැලුවොත් comment එකක් දාන්න. මම් ගිහින් එන්නම්.
හොයාගත්තෙ මෙතනින්