මගෙ
ලැප් එකේ මම දාලා තිබුනෙ
වින්ඩොස් 7. ඊට
පිටින් උබුන්ටුත් දාලා තිබුනා.
මේ
ලගදි දවසක මට මාර වැඩක් වුනා.
උබුන්ටු
වල පොඩි ප්‍රශ්නයක් වෙලා මම
ආපහු උබුන්ටු 11.04
ඉන්ස්ටොල්
කරන්න ගියා. ඕක
කරන කොට ඉතින් එනවනෙ power
cable එක
ගහලද නැද්ද කියලා. මම
ඕක ගැන බලන්නෙ නැතුව forward
කරගෙන
ගියා. ඒත්
power cable එක
ගහලා තිබුනෙ නෑ.
ඉන්ස්ටෝල්
එක මග යද්දි මලා, ලැප්
එක off වුනා.
මම
ආයෙත් බූට් කරනකොට තිබුන
grub/OS දෙකම
නැතුව "unknown file type, grub
rescue >" කියලා
prompt වෙලා
නවතිනවා. සාමන්‍යයෙන්
මම blog එකේ
දානවට වඩා වෙනස් දෙයක් වුනත්
මේක ගොඩ දාපු විදිහත් post
එකක්
දාන්න හිතුනා.
හොදයි
මුලින්ම මේක ගොඩ දාන්න windows 7 DVD එකක්
ඕන. grub එකට
අවුලක් ගියාට machine එක
bootable cd/dvd එකකින්
බූට් කරන්න පුලුවන්.
ඒ
හින්දා සාමන්‍ය විදිහට machine
එක
windows7 DVD එකෙන්
බූට් කලහම සාමන්‍ය විදිහට
language එක
select කරලා,
keyboard එකත්
හරි විදිහට දුන්නට පස්සෙ (
සාමාන්‍යයෙන්
පිලිවෙලින් English, US ).
next දෙන්න.
ඊට
පස්සෙ system recovery options කියලා
message box එකක්
එයි. ඒකෙ
"Use recovery tool that ...." select
කරලා
next දෙන්න.
දැන්
choose a recovery tool කියලා
එන message එකේ
command prompt select කරලා
command prompt එකක්
ගන්න. දැන්
තියෙන්නෙ පොඩි command
දෙකක්
දෙන්න විතරයි. පිලිවෙලින්
පහලින් තියෙන command දෙක
දෙන්න.
> bootrec /fixboot
> bootrec /fixmbr
මෙතන
පලමු command එකෙන්
කියන්නෙ windows startකරන්න boot sector එක system partition එකට write කරන එක. දෙවනි
එකෙන් කියන්නෙ master
boot recoder එක
fix කරන්න
කියලා.
ඊට
පස්සෙ තියෙන්නෙ ඉතින් command
prompt එක
close කරලා
restart එකක්
දෙන්න. සාමාන්‍ය
විදිහට grub එක
පොතේ හැටියට එන්න ඕනා.
කරලා
බැලුවොත් comment එකක්
දාන්න. මම
මේක කරනකොට මට screenshot
ගන්න
විදිහක් තිබ්බෙ නෑ.
ඒහින්දා
ඉතින් වෙනදාවගේ screenshot
නම්
දාන්න විදිහක් නෑ.
හැබැයි
මට මේක virtual machine එකක
කරන්න පුලුවන් වුනොත් screenshot
ටිකක්
දාන්නම්. බැරි
වුනොත් sorry තමයි.
මම
ගිහින් එන්නම්.
ඔය කියන විදිහට මගේ මැශින් එකෙත් ග්‍රබ් එකට කෙල උනා. කර කියා ගන්න දෙයක් නැති තැන මම් ආයෙම ඕ එස් දෙකම ඉන්ස්ටෝල් කලා. පස්සේ තමයි දන්නේ ග්‍රබ් එක ආයෙම ගන්න ක්‍රමයක් තියෙනවා කියලා. ගොඩක් ස්තුතියි මල්ලි කියලා දුන්නට.
ReplyDelete