කලින් වතාවක මම කිව්වනෙ mrtg, windows වල configure කරල run කරන විදිහ කියල දෙනවා කියලා. අද මම එක ගැන කියල දෙන්න තමයි හදන්නෙ. හැබැයි කලින් වතාවක කිව්වා වගේ මමත් මේක install කරලා run කලා. ඒත් මට ඒක එච්චර ubuntu වල කරපු තරම් හිතට අල්ලුවෙ නෑ.
මෙතනදි හැබැයි ubuntu වලට වඩා එක වාසියක් තියෙනවා. ඒ මේකෙදි online ඉන්ඩ ඔන නෑ. තවදෙයක් තියෙනවා මේකට prerequisites software වගයක් තියෙනවා mrtg දන්ඩ කලින් install කරන්න. මේක පටන් ගන්න තියෙන හොදම තැන තමයි ඒ software ටික install කරන එක. ඒනිසා මම මේක එතනින්ම පටන් ගන්නම්.
හොදයි අපේ මුල්ම prerequisities software එක තමයි ActivePerl. මම පවිච්චි කලෙ ActivePerl 5.8.8. ඒ නිසා මම අනිත් ඒව ගැන දන්නෙ නෑ. මේක දන්න තියෙන්නෙ බොහොම සරල දෙයක්. ActivePerl 5.8.8 download කරල ඒක සාමාන්‍ය විදිහට install කරගන්න. ඊට පස්සෙ path එක සාමන්‍ය විදිහට java වල වගේ සෙට් කරන්න. ( තවටිකක් ලේසි කරන්නම් [Control Panel]->[System]->[Environment] ) . දැන් තියෙන්නෙ mrtg install කරන එක.
මම පාවිච්චි කරන්නෙ mrtg-2.17.1 එක. ඔයාලට කැමති අලුත් එකක් දාගත්තට වරදක් නෑ. ඒකට තියෙන්නෙ. mrtg-2.17.1 download කරලා ඒක C:\mrtg-2.17.1 වලට unzip කරන්න. වැඩේ බොහොම පහසුයි. ඊට පස්සෙ තියෙන්නෙ එක configure කරන එක.
වැඩේ හරිද බලන්න command prompt එකක් open කරල c:\mrtg-2.17.1\bin එකට ගිහින් perl mrtg කියල type කරලා එන්ටෙර් දෙන්ඩ. දැන් ඉතින් perl දාල path එකත් හරියට සෙට් නම් error message එකක් එන්ඩ ඔනා MRTG configuration file එකක් නෑ කියලා. ආවනම් වැඩේ ගොඩ. නැත්නම් ඉතින් installation එකේ හරි path එක සෙට් කරන එකේ හරි අවුලක්. ඒක හරි නම් අපි තවත් ඉස්සරහට යමු.
මේකටත් කලින් වගේම monitor කරන්න යන device එකේ snmp up කරල තියෙන්න ඕනා. අමතරව ip එකයි community string එකයිත් දැනන් ඉන්න ඕනා. දැන් server එකේ snmp සම්බන්ධ වැඩ වගයක් තියෙනවා. ඒකට පහත පියවර ටික අනුගමනය කරන්න.
· Control Panel\All Control Panel Items\Programs and Features
· Turn windows features on or off
· Turn on snmp relates.
හෝ
· To edit the SNMP properties on a Windows XP system, open the Services plug-in (Start | Run | services.msc).
· Locate the SNMP service and double-click it. Click the Security tab.
· Ensure that the SNMP community strings are set correctly.
· If you do not wish to restrict which machines can use SNMP to communicate with the SNMP device, select the Accept SNMP packets from any host radio button. Otherwise, ensure that the system running MRTG is listed in the Accept SNMP packets from these hosts section and click OK.
දැන් ඉතින් තියෙන්නෙ මෙකෙ mrtg.cfg file එක හදන්න. මේකට තියෙන්නෙ command prompt එකක් open කරලා c:\mrtg-2.17.1\bin වලට ගිහින් මෙන්න මේ command එක run කරන්න.
perl cfgmaker public@<ip_address> --global "WorkDir: c:\www\mrtg" --output mrtg.cfg
මම මෙතන community string එකට දුන්නෙ public කියලා ඒක default එන එක නිසා. අවශ්‍යතාවය අනුව monitor කරන්න යන device එකේ community string එක එතනටත් ip එකත් දෙන්න.
දැන් c:\mrtg-2.17.1\bin වල mrtg.cfg file එක හැදිල තියෙන්නෙ. ඒක open කරලා අරන් ඒකට මෙන්න මේ line දෙක දාන්න. මේකෙන් කරන්නෙ විනාඩි 5න් 5ට run කරන එකයි html file හැදෙන folder එක දෙන එකයි.
RunAsDaemon: yes
WorkDir: c:\www\mrtg
දැන් ඉතින් තියෙන්නෙ දෙයියනේ කියලා මේක රුන් කරල බලන්න. ඒකට පහලින් තියෙන command එක ගහල බලන්න.
start /Dc:\mrtg-2.17.1\bin wperl mrtg --logging=eventlog mrtg.cfg
අවුලක් නැත්නම් c:\www\mrtg වල හැදුන html file open කරල බලන්න traffic monitior වෙන හැටි. මම ගියා. කරල බලලා comment එකක් දාන්න අමතක කරන්න එපා.
reference : http://oss.oetiker.ch/mrtg/doc/mrtg.en.html
0 comments:
Post a Comment