අද මම කියන්න හදන්නෙ ntop ubuntu වල install කරල config කරන්නෙ කොහොමද කියලා. මුලින්ම මම mrtg ගැන කියලා දුන්නනෙ. mrtg වලින් කරන්නෙ router වල traffic එක graph කරන එක. ඒත් ntop වලින් ඊට වඩා වැඩි දෙයක් කරන්න පුලුවන්. උදාහරණයකට මේකෙන් පුලුවන් network එකේ එක එක machine, router වගේ දේවල් http, FTP, DNS, Telnet වගේ ඒවට traffic එක බෙදිලා යන විදිහ වගේ දේවල් වෙන වෙනම් බලන්න. අනිත් වාසිය තමයි අපි කලින් කල වගේ මේකට ip එහෙම දෙන්න ඕන නෑ. හොදයි, මුලින්ම තියෙන්නෙ ntop latest version එකක් download කරලා ඒක unzip කරගන්න එක. මේක manually කරන්නත් පුලුවන් ඒත් මම මේකත් command වලින්ම කරන විදිහ දාන්නම්. නමුත් මේ තියන link වල සමහර විට අවුල් ඇති. එහෙම උනොත් කරන්න වෙන්නෙ මම අර කලින් කියපු දේ තමයි. මොන ක්‍රමයෙන් කලත් වරදක් නෑ. command වලින් කරන්න නම් terminal එකක් අරන් පහලින් තියෙන command එක ගහන්න.
මේකෙන් කරන්නෙ අර කලින් කිව්ව වගේ ntop download කරන එක. මේක හරි ගියෙ නැත්නම් ntop කියලා search කරලා. download කරන්න.
$ tar -xvf ./ntop-3.3.7.tar.gz
මෙතනදි නම් මම download කලේ ntop 3.3.7 ඒ මේ වෙනකොට තියෙන අලුත්ම එක. ඊට පස්සෙ ඒක unzip කරන්න. ඒකට පහලින් තියෙන command එක ගහන්න. mrtg වලට perl වගේ මේකටත් dependencies ටිකක් තියෙනවා අවශ්‍ය කරන. ඒවා ඔක්කොම දාන්න පහලින් තියෙන command එක තමයි දෙන්න ඕන.
$ sudo aptitude update
සමහර විට මෙතනදි "sudo: aptitude: command not found" කියලා error එකක් එන්න පුලුවන්. එහෙම වුනොත් මෙන්න මේ command එක ගහලා aptitude package එක install කරගන්න.
$ sudo apt-get install aptitude
ඊට පස්සෙ මෙන්න මේක දෙන්න.
සමහර විට මෙතනදි "sudo: aptitude: command not found" කියලා error එකක් එන්න පුලුවන්. එහෙම වුනොත් මෙන්න මේ command එක ගහලා aptitude package එක install කරගන්න.
$ sudo apt-get install aptitude
ඊට පස්සෙ මෙන්න මේක දෙන්න.
$ sudo aptitude install build-essential linux-headers-$(uname -r) librrd2-dev libtool libpcap-dev tcpdump librrd2 rrdtool rrdtool-tcl libgdbm-dev libgdbm3 automake autoconf automake1.7 debhelper gettext html2text intltool-debian libgd2-noxpm-dev libjpeg62-dev libncurses5-dev libssl-dev libwrap0-dev po-debconf
මෙතනදි තමයි අවුලක් යනවනම් යන්න පුලුවන්. සමහරවිට මේවා දැනටත් ඔයගෙ server එකේ ඇති. එහෙම නම් අහවල් එක newest version එකෙන් තියෙනව කියල message එකක් එයි. එහෙමනම් බය වෙන්න දෙයක් නෑ. සමහර විට warning එන්නත් පුලුවන්. අත්දැකීමෙ හැටියට මම නම් ඒවා ගනන් ගන්නෙ නෑ. ඇත්තටම ඒවා හුගක් වෙලාවට සත පහක වටින්නෙ නෑ. හැබැයි errors අවොත් තමයි අවුල. ඒත් හරියට ඒක කියවල කියන දේ කලොත් ගොඩ දාගන්න බැරි නෑ.
හරි දැන් තියෙන්නෙ ntop folder එකේ තියෙන .sh එකක් run කරන්න. මෙතනදි පොඩ්ඩක් permission හදන්න ඕනා. ඒ ඔක්කොටම තියෙන්නෙ පහලින් තියෙන command ටික run කරන්න ඕනෑ.
$ cd ./ntop-3.3.7/
$ chmod +x ./autogen.sh
$ ./autogen.sh
මේක හරිද බලන්න බොහොම ලේසියි. මේකෙන් කරන්නෙ ntop run වෙන්න අවශ්‍ය environment එක හදන් එක. මේක හරියට වුනා නම් අන්තිමට එන්න ඕන make command එක දෙන්න කියලා. මෙතනදිත් සමහරවිට අවුල් යන්න පුලුවන්. එහෙම වුනොත් කලින් කිව්ව වගේ පරිස්සමින් message එක කියවලා ප්රශ්නය විසදගන්න. මේක install කරන එක මහලොකු දෙයක් නෙවෙයි. ඔක්කොම හරිනම් ඊලග command එකට යමු.
$ make
$ sudo make install
හරි දැන් වැඩේ පොතේ හැටියට නම් හරියන්න ඕනා. ඔක්කොමත් හරිනම් දැන් තමයි run කරන්න ඕනා. ඒකට අවසාන වශයෙන් පහලින් තියෙන command එක ගහන්න.
$ sudo ntop -P /usr/local/lib/ntop/
ntop පාවිච්චි කරන්නෙ 3000 port එක. දැන් අපේ වැඩේ සාර්තකත්වය බලන්න. browser එකක් open කරලා http://localhost:3000 කියලා ගිහින් බලන්න. ඔයාගෙ network එකේ තියෙන ඒවා ටිකේ http. FTP වගේ දේවල් ගැන විස්තර එන්න ඕනා. කිව්ව වගේ මේකෙ හුගක් options තියෙනවා. මම එවායින් ටිකක් screenshots අරන් පහලින් දාල තියෙනවා. එතකොට පොඩි idea එකක් ගන්න පුලුවන් වෙයි.
try කරලා බලලා comment එකක් දාන්න අමතක කරන්න එපා. ආයෙත් අලුත් ගැජමැටික් එකක් අරන් එනකන් එහෙනම් බුදු සරණයි. මම ගිහින් එන්නම්.
0 comments:
Post a Comment