අද මම හිතුවා cisco router එකක ios එක backup කරන්නෙ කොහොමද කියලා කියලා දෙන්න. මට මේක කරන්න වුනෙ ලගදි දවසක මට වුනා router එකක ios එක upgrade කරන්න. ඊට කලින් backup එකක් ගන්න එක හොද නිසා මම backup එකක් ගන්න ක්රමයක් හෙව්වා. මේ තියෙන්නෙ එහෙම කරන විදිහ තමයි.
මේකට මුලින්ම ඕනෙ tftp server එකක්. මේවා ඕන තරම් download කරන්න තියෙනවා. මම පවිච්චි කලෙ winagents කියලා එකක්. ඒක මෙතනින් download කරන්න. නැත්නම් මෙතනින් TFTP server 6.0 download කරන්න. මේක ඔයාගෙ computer එකේ install කලායින් පස්සෙ run කරන්න ඕනෙ. අපෙ backup file එක router එකෙන් copy වෙන්නෙ මෙන්න මේ server එකේ root folder එකට.
දැන් තියෙන්නෙ router එක console cable එකෙන් connect කරලා default settings තියාගෙන (ඒකියන්නෙ 9600 baud, 8 databits, 0 parity bits, 1 stop bit, no flow control ) වැඩේ පටන් ගනිමු.
connection එක හරි නම් දැන් පහලින් තියෙන command එක ගහලා router එකේ flash එකේ තියෙන ios file එක අපේ tftp server එකට copy කරගනිමු.
Router#copy flash tftp
මම මේ command එක දුන්නෙ මගෙ router එකේ internal flash memory එකක් තියෙන නිසා. එහෙම නැත්නම් ඒ කියන්නෙ router එක PCMICA flash card එකක් පාවිච්චි කරනව නම් මෙතන්දි දෙන command එක ටිකක් වෙනස් වෙන්න පුලුවන්. මම මේක try කරලා බැලුවෙනම් නෑ. හැබැයි මම දැක්කා ඒක එහෙමනම් පහතින් තියෙන command එක ගහන්න ඕන කියලා.
Router#copy slot1: tftp හරි Slot0:
මේකෙදි දෙන්නෙ මොන slot එකද කියන එක තීර්ණය වෙන්නෙ ඔයාට copy කරන්න ඕන file එක මොකක්ද කියන එකමත. ඊට පස්සෙ යන්න ඕන host එක මොකක්ද කියලා අහලා පහලින් තියෙනව වගේ අහයි. එතනට ඔයාගෙ machine එකේ ip එක දෙන්න.
Address or name of remote host []? XXX.XXX.XXX.XXX
ඊට පස්සෙ backup එක tftp එකට save කරන කොට දෙන්න ඕන නම අහනවා. ඒකට ටිකක් තෙරුමක් තියෙන නමක් දෙන්න. හුගක් වෙලා වට default එන නමම තියෙන එක හොදයි.
Destination filename [cXXXX-X-XX.XXX-XX.bin]?
man laga rowter ekak tiyanawa firmware update karanna gihin case giya ekak,hadanna puluwan weida,TP-LiNK ekak.
ReplyDelete