කලින් වතාවකත් මම මේ ගැන post එකක් දැම්මා. පස්සෙ මම මේකම youtube upload කලා. ඒකත් බ්ලොග් එකේ දාන්න හිතුවා. කලින් දාපු පොස්ට් එක මෙතනින් බලන්න. video එක තමයි මේ තියෙන්නෙ.
Thursday, October 6, 2011
Wednesday, September 21, 2011
Cacti installation වීඩියෝ කුප්පියක්. ( Cacti installation video tutorial )
මම youtube එකේ search කරනකොට මට cacti ඉන්ස්ටල්ලටිඔන් එක ගැන තියෙන මරු video එකක් හම්බ වුනා. කට්ටියට දැනගන්න එක්ක එකත් දාන්න හිතුනා.
cacti ගැන කලින් දාපු post පහලින් තියෙන link වලින් බලන්න.
cacti ගැන කලින් දාපු post පහලින් තියෙන link වලින් බලන්න.
Thursday, September 15, 2011
Ntop වල historical graph data පෙන්නන්නෙ නැද්ද . ( Doesn't NTOP display any Historical graph data ) .......?
කලින් මම NTOP උබුන්ටු වල install කරන
විදිහ post එකක් දැම්මනෙ. ඊට පස්සෙ
හුගක් වෙලාවට වෙන ප්‍රශ්නෙ තමයි මේකෙ graph ගන්න බැරිවෙන එක.
( කලින් NTOP install & configure කරන
විදිහ බලන්න ඕන නම් මෙතනින් බලන්න. තවත් ඉතින් NTOP වලට interface එකක් add කරපු විදිහ ඕනනම් මෙතනින් බලන්න. ).ඒ කියන්නෙ මෙන්න මේ වගේ http://127.0.0.1:3000 ට ගියහම ( ntop > summery >
traffic ගියහම ) historical graph data කියලා icon එකක් සහිත කොටස නැති එක. මේකෙන් අපිට වෙන වෙනම protacol විදිහට traffic එක graph වෙන විදිහ බලන්න පුලුවන්. පහලින් දාල තියෙන්නෙ එහෙම historical graph data add කරපු එකක්.
හරි දැන් ඉතින් ප්‍රශ්නෙ තෙරුම් ගත්තනෙ. දැන් මේක ගොඩ දාන විදිහ බලමු.
බොහොම සුලු දෙයක් කරන්න තියෙන්නෙ. මුලින්ම plugins > all ගිහින් rrd plugin එකට යන්න. ඊට පස්සෙ ඒක activate කරන්න no කියලා තියෙන එක yes කරන්න. ඊට පස්සෙ error msseage එකක් එයි unable to create subdirectory කියලා. දැන් තියෙන්නෙ ඔන්න ඔය ප්‍රශ්නෙ විසදන්න.
මේකට මුලුන්ම rrdplugin link එක click කරලා rrd file path එක බලාගන්න. ඊට පස්සෙ තියෙන්නෙ එහෙම folder එකක් නැත්නම් එක හදලා එකට ntop වලින් ඉල්ලන permission දෙන එක. ( හුගක් වෙලාවට path එක /var/lib/ntop/rrd වෙයි ). folder එක හැදුවට හරි තියෙන එකේ හරි permission දෙන්න terminal එකක් open කරලා පහලින් තියෙන command එක දෙන්න.
$ chmod -Rf 777 /var/lib/ntop/rrd
ඊට පස්සෙ ඉතින් තියෙන්නෙ ntop restart කරන්න. එකට ඉතින් අපි සාමන්‍යයෙන් දෙන command eka දෙන්න මෙන්න මේ වගේ.
$ /etc/init.d/ntop restart
දැන් ඉතින් උඩින් දාලා තියෙනව වගේ historical data graph icon එක පෙන්නන ඕනා. ඕක click කලහම මෙන්න මේ වගේ ලස්සනට graph ටික ගන්න පුලුවන් වෙයි.
මේකත් කරල බැලුවොත් comment එකක් දාන්න. මම ගිහින් එන්නම්.
මේකත් කරල බැලුවොත් comment එකක් දාන්න. මම ගිහින් එන්නම්.
Thursday, September 8, 2011
Cacti වලට NTOP plugin එක add කරන විදිහ දන්නවද ( How to add a NTOP plugin to cacti ).
-->
මුලින්ම
අපි පොඩ්ඩක් බලමු මේ කියන
plugins වලින්
මොනවද කරන්න පුලුවන් කියලා.
මම
අද දාන්න යන්නෙ ntop
plugin එක.
මම
ntop ගැන
කලින් දාපු post මෙතනින් බලන්න. interface add කරපු විදිහ මෙතනින් බලන්න. මෙතනදි
දෙයක් කියන්න ඕන මම ntop
දාන්න
යන්නෙ ntop කලින්
install නොකරපු
machine එකකට.
ඒ
හින්දා මම දැනට ntop
තියෙන
machine එකකට
මේ plugin එක
දාන විදිහ ගැන නම් කියන්න
දන්නෙ නෑ.
මුලින්ම
cacti වලට
plugin දාන්න
ඕන නම් plugin
archtecture එක
add කරන්න
ඕනා. ඒක
කරන විදිහ මෙතනින්
බලන්න.
cacti වලට
plugins add කරන්න
තියෙන්නෙ බොහෝ විට එකම ක්‍රමයකට.
මම
මෙතනදි NTOP add
කලාට
වෙන එකක් දාන්න ලොකු වෙනසක්
වෙන්න බෑ.
මුලින්ම
තියෙන්නෙ ntop
plugin එක
download කරන
එක. ඒකට
මෙතනින් ගන්න.
ඊට
පස්සෙ මේක unzip
කරගන්න.
මෙහෙම
කරගත්තට පස්සෙ ntop
කියලා
folder එකක්
ලැබේවි. ඒ
folder එක
/var/www/html/files-0.8.7g/plugins/
වලට
copy කරගන්න.
දැන්
තියෙන්න මේ plugin
එක
activate කරන
එක. ඒකට
usr/shared/cacti/site/include
වල
තියෙන config.php
file එක
open කරලා
පහලින් තියෙන line
එක
$plugins = array(); එකට
පස්සෙadd කරන්න.
$plugins[]
= 'ntop';
ඒ
කියන්නෙ දැන් මේක මෙන්න මේ
වගේ වෙන්න ඕනා.
$plugins
= array();
$plugins[] =
'ntop';
දැන්
ඉතින් save දීලා
අපි බලමු මේක වැඩද කියලා.
එකට http://127.0.0.1:3000 වලට
යන්න. එතකොට
පහල පලවේනි screenshot
එක
වගේ තැනකට ඒවි.
එකෙ
මම රවුම කරලා තියෙන තැන click
කරන්න.
එතකොට
පහලින් පෙන්නල තියෙනවා වගේ
graph, protocal වශයෙන්
ගන්න පුලුවන්.
( මෙතනදි
මම screen shot
ගන්නකොට
network එකකට
connect වෙලා
තිබුනෙ නෑ.
එහින්දා
කෑලි ටිකක් අඩුයි.
)
මම
වෙලාවක් තිබුනොත් තව plugin
එකක්
add කරන
විදිහත් දාන්නම්.
කොහොම
වුනත් ලොකු වෙනසක් වෙන්නෙ
නෑ. කරලා
බැලුවොත් comment
එකක්
දාන්න අමතක කරන්න එපා.
මම
ගිහින් එන්නම් එහෙනම්.
Cacti වලට plugging architecture එක දාන්නෙ කොහොමද. ( How to add plugging architecture to Cacti ).
-->
කලින්
දවසක මම cacti ගැන
post දෙකක්
දැම්මා මතක ඇතිනේ.
කලින්
දාපු cacti install
කරන
එකයි, cacti වලට
අලුතින් device
එකක්
add කරන
විදිහයි බලන්න ඕන නම් මෙන්න
මේ link
එකෙන්
installation එකයි
මෙන්න මේ link එකෙන්
device add කරන
විදිහයි බලන්න පුලුවන්.
cacti කියන්නෙ
තවත් plugging add
කරලා
හුගක් develop කරන්න
පුලුවන් monitoring
system එකක්.
ඒ
හින්දා මේක install
කලට
පස්සෙ තව තව plugging
add කරලා
මෙක develop කරන
විදිහ ගැන අද post
එකක්
දාන්න හිතුවා.
මුලින්ම
plugging දාන්න
කලින් cacti වලට
plugging architecture ( PIA )
එක
install කරන්න
ඕන. මම
install කලෙ
cacti 0.8.7g. ඒකට
අදාල plugging
architecture එක මෙතනින්
download කරගන්න
එක තමයි මුල්ම පියවර.
ඊට
පස්සෙ download කරපු
තැනට ගිහින් zip
folder එක
unzip කරගන්න
ඕන. ඒකට
පහලින් තියෙන command
එක
හරි නැත්නම් නිකන්ම right
click unzip කර
ගන්න පුලුවන්.
$ tar -zvxf
cacti-plugin-arch.tar.gz
එහෙම
unzip කරගත්තට
පස්සෙ cacti-plugin-arch
කියලා
folder එකක්
එයි. ඊට
පස්සෙ තියෙන්නෙ plugging
architecture එක
install කරන
එක. ඒකට
ක්‍රම දෙකක් තියෙනවා.
පලමු
ක්‍රමය.
පලමු
ක්‍රමය තමයි pre-patched
files පවිච්චිකරලා
කරන්න පුලුවන් ලේසිම එක.
මේ
ක්‍රමය ලේසි වුනාට පවිච්චි
කරන්න වඩාත් යෝග්‍ය device
add නොකරපු
ඒවට. දැනටමත්
device add කරලා
නම් දෙවන ක්‍රමයට යන්න.
මේ
මොන වැඩ කරන්නත් කලින් ඔයාගේ
cacti folder එකේ
( /usr/shared/cacti)
backup එකක්
කොකටත් අරන් තියාගන්න එක
හොදයි. මොකද
අවුලක් ගියොත් ඒක ආයෙත් restore
කරන්න
පුලුවන්නෙ.
එහෙම
backup එක
ගත්තට පස්සෙ බලමු ඉස්සරහට
කරන්න තියෙන ටික.
දැන්
ඔයා ගත්ත cacti-plugin-arch
folder එක
ඇතුලට ගියොත් ඔයාට files-0.8.7g
කියලා
folder එකක්
හම්බ වෙයි.
මෙන්න
මේ folder එක
දැන් ඉතින් /var/www/html
වලට
copy කරන්න
ඕන. මෙතනදි
මම පවිච්චිකලෙ ubuntu
නිසා
තමයි මේ location
එක.
මේක
OS එක
අනුව වෙනස් වෙනවා.
දෙවන
ක්‍රමය.
දෙවන
ක්‍රමයෙදි කරන්නෙ කෙලින්ම
patch පවිච්චි
කරන එක. දැන්
තියෙන්න කලින් unzip
කරපු
folder එකට
ගිහින් cacti-plugin-0.8.7g-PA-v2.8.diff
file එක
copy කරලා
ඒක /var/www/html
folder එකට
paste කරන්න.
දැන්
තියෙන්නෙ පහලින් තියෙන command
දෙක
run කරන්න.
$ patch -p1
-N --dry-run < cacti-plugin-0.8.7g-PA-v2.8.diff
$ patch -p1
-N < cacti-plugin-0.8.7g-PA-v2.8.diff
මෙතනදි
ටිකක් විකාර (
ඇත්තටම
මට තෙරුනේ නෑ ;)
) error message වගයක්
එයි. කමක්
නෑ අපි තවත් ඉස්සරහට යමු.
ඊට
පස්සෙ තියෙන්නෙ configuration
part එක.
මේක
ඔය මොන ක්‍රමයෙන් install
කලත්
කරන්න ඕන මේ කියන විදිහටමයි.
මුලුන්ම
අපිට තියෙනවා usr/shared/cacti/site/include
වල
තියෙන config.php
file එක
වෙනස් කරන්න.
ඒකට
database type,name,host,user
name,password එක්ක
පහලින් තියෙන විදිහට edit
කරන්න.
අවුලක්
යයි කියලා හිතෙනව නම් කලින්
වගේ මෙකෙත් backup
එකක්
ගන්න.
$database_type
= "mysql";
$database_default
= "cacti";
$database_hostname
= "localhost";
$database_username
= "cactiuser";
$database_password
= "cactiuser";
/* load up old
style plugins here */
$plugins =
array();
//$plugins[] =
'thold';
/*
Edit this
to point to the default URL of your Cacti install
ex: if your
cacti install as at http://serverip/cacti/ this
would be
set to /cacti/
*/
$url_path =
"/cacti/";
/* Default
session name - Session name must contain alpha characters */
#$cacti_session_name
= "Cacti";
දැන්
තියෙන්නෙ පොඩි වැඩක් කරලා
වැඩේ ඉවරයක් කරලා දාන එක.
ඒ
කියන්නෙ plugin
architecture එකේ
තියෙන pa.sql file
එක
cacti sql database එකට
import කරන
එක.
දැන්
plugin archtechture එක
install කරලා
ඉවරයි. දැන්
මේකට plugin add කරන්න
තමයි තියෙන්නෙ.
ඒක
මම ඊලග post එකෙන්
දාන්නම්. දැනට
ගිහින් එන්නම්.
වෙනද
වගේ කියන්නෙ කරලා බැලුවොත්
comment එකක්
දාන්න.
Wednesday, September 7, 2011
Grub එක crash වුනොත් මොනවද කරන්නෙ...? ( unknown file type, grub rescue > ......? ).
මගෙ
ලැප් එකේ මම දාලා තිබුනෙ
වින්ඩොස් 7. ඊට
පිටින් උබුන්ටුත් දාලා තිබුනා.
මේ
ලගදි දවසක මට මාර වැඩක් වුනා.
උබුන්ටු
වල පොඩි ප්‍රශ්නයක් වෙලා මම
ආපහු උබුන්ටු 11.04
ඉන්ස්ටොල්
කරන්න ගියා. ඕක
කරන කොට ඉතින් එනවනෙ power
cable එක
ගහලද නැද්ද කියලා. මම
ඕක ගැන බලන්නෙ නැතුව forward
කරගෙන
ගියා. ඒත්
power cable එක
ගහලා තිබුනෙ නෑ.
ඉන්ස්ටෝල්
එක මග යද්දි මලා, ලැප්
එක off වුනා.
මම
ආයෙත් බූට් කරනකොට තිබුන
grub/OS දෙකම
නැතුව "unknown file type, grub
rescue >" කියලා
prompt වෙලා
නවතිනවා. සාමන්‍යයෙන්
මම blog එකේ
දානවට වඩා වෙනස් දෙයක් වුනත්
මේක ගොඩ දාපු විදිහත් post
එකක්
දාන්න හිතුනා.
හොදයි
මුලින්ම මේක ගොඩ දාන්න windows 7 DVD එකක්
ඕන. grub එකට
අවුලක් ගියාට machine එක
bootable cd/dvd එකකින්
බූට් කරන්න පුලුවන්.
ඒ
හින්දා සාමන්‍ය විදිහට machine
එක
windows7 DVD එකෙන්
බූට් කලහම සාමන්‍ය විදිහට
language එක
select කරලා,
keyboard එකත්
හරි විදිහට දුන්නට පස්සෙ (
සාමාන්‍යයෙන්
පිලිවෙලින් English, US ).
next දෙන්න.
ඊට
පස්සෙ system recovery options කියලා
message box එකක්
එයි. ඒකෙ
"Use recovery tool that ...." select
කරලා
next දෙන්න.
දැන්
choose a recovery tool කියලා
එන message එකේ
command prompt select කරලා
command prompt එකක්
ගන්න. දැන්
තියෙන්නෙ පොඩි command
දෙකක්
දෙන්න විතරයි. පිලිවෙලින්
පහලින් තියෙන command දෙක
දෙන්න.
> bootrec /fixboot
> bootrec /fixmbr
මෙතන
පලමු command එකෙන්
කියන්නෙ windows startකරන්න boot sector එක system partition එකට write කරන එක. දෙවනි
එකෙන් කියන්නෙ master
boot recoder එක
fix කරන්න
කියලා.
ඊට
පස්සෙ තියෙන්නෙ ඉතින් command
prompt එක
close කරලා
restart එකක්
දෙන්න. සාමාන්‍ය
විදිහට grub එක
පොතේ හැටියට එන්න ඕනා.
කරලා
බැලුවොත් comment එකක්
දාන්න. මම
මේක කරනකොට මට screenshot
ගන්න
විදිහක් තිබ්බෙ නෑ.
ඒහින්දා
ඉතින් වෙනදාවගේ screenshot
නම්
දාන්න විදිහක් නෑ.
හැබැයි
මට මේක virtual machine එකක
කරන්න පුලුවන් වුනොත් screenshot
ටිකක්
දාන්නම්. බැරි
වුනොත් sorry තමයි.
මම
ගිහින් එන්නම්.
Thursday, September 1, 2011
Cacti වලට අලුතින් device එකක් add කරමු. ( How to add a new device to cacti )
මම කලින් වතාවකදි cacti, ubuntu වල install කරලා configure කරන එක ගැන පොඩි post එකක් දැම්මනෙ. හැබැයි ඒකෙදි මට monitor කරගන්න පුලුවන් වුනෙ මගෙ lap එකේ performance විතරයි. කලින් post එක මෙතනින් බලන්න. නමුත් මේවගේ tool එකකින් බලාපොරොත්තුවෙන්නෙ localhost එක වගේ දෙයක් monitor කරගන්න නෙවෙයි. සාමන්‍යයෙන් ලොකු network එකක තියෙන link වගේ දේවල් monitor කරන එක තමයි මේවගේ tool එකක් පාවිච්චි කරන එකේ ප්‍රධාන අරමුණ.
නමුත් අපි කලින් කියපු විදිහට install කරලා configure කලාට පස්සෙ අපිට එන්නෙ localhost එක විතරයි. අද post එකේ අරමුණ එහෙම අලුතින් install කරපු cacti වලට අලුතින් device add කරන විදිහ ගැන පොඩි idea එකක් දෙන එක තමයි.
හොදයි මේක තවත් පැහැදිලි වෙන්න මම ගත්ත් screen shots ටිකත් මේත් එක්ක දාන්නම්. අපි එදා නැවතුනෙ මේ පලවෙනි screen shot එක තිබුන තැනින්. අලුතින් මම add කරන්න යන්නෙ cisco router එකක්. මම monitor කරන්න යන්නෙ මේකෙ snmp traffic එක ඉතින් මම මුලින්ම කරන්න ඕනෙ management → device ගිහින් දකුණු පැත්තෙ උඩින් තියෙන add, click කරන්න. ( දෙවනි screen shot එක බලන්න ).
හරි දැන් තියෙන්න අපි add කරන්න යන device එකේ විස්තර ටික දෙන එක. descriptionඑකට මොකක් හරි තෙරුමක් තියෙන දෙයක් දෙන්න,මේක තමයි graph එකට උඩින් පෙන්නන්නෙ. ඊට පස්සෙ Hostname එකට hostname එක හරි IP එක හරි දෙන්න. මේක cisco router එකක් නිසා මෙතන්දි host template එකට cisco router select කරන්න. මගෙ router එකේ තිබුනෙ snmp version 1 නිසා මම version එක version 1 තිබ්බා. ඊට පස්සෙ මගෙ community string එක දීලා ඉතුරු ටික default තියලා create දුන්නා.
ඔක්කොම හරිනම් ඊට පස්සෙ මෙන්න මේ වගේ ඒ සියලු විස්තර එයි.
දැන් මෙතන උඩ තියෙන create graph for this host කියන link එකට යන්න. එතකොට මෙන්න මේ වගේ තැනකට එයි.
මට මෙතනදි graph එකකට ගන්න ඕන snmp-generic OID template නිසා මම graph template වලට snmp-generic OID template select කරලා graph type එකට මම in/out bits with total bandwidth, select කලා. ඊට පස්සෙ මෙන්න මේ වගේ graph එකට label වගේ දේවල් දෙන්න. ඒක තම තමන්ට ඕන දේවල් දාගත්තට වරදක් නෑ. ඊට පස්සෙ create දෙන්න.
ඊට පස්සෙ ඒ router එකට අදාල interface ටික ගැන මෙන්න මේ වගේ විස්තර ටිකක් එනවා. ඒකට ඔයට monitor වෙන්න ඕන interface ටික tick කරලා create දෙන්න.
දැන් වැඩ ටික හරි. දැන් තියෙන්න විනාඩි 15 විතර පැත්තකට වෙලා ඉන්දලා graph ගිහින් මෙන්න මේ වගේ graph එකක් ගන්න පුලුවන්.
කලින් දවසකත් කිව්වා වගේ මේ cacti වල පොඩි වැඩ කෑල්ලක් විතරයි. වෙලාව තියෙන විදිහට තව කරපු කියපු දේවල් ටිකක් දානකන් මම ගිහින් එන්නම්. කරලා බැලුවොත් comment එකක් දාන්න අමතක කරන්න එපා.
Subscribe to:
Posts (Atom)