Pages

Ads 468x60px

Thursday, August 25, 2011

Cacti උබුන්ටු වලට දාල network එක monitor කරමුද. ( Installation and configuring Cacti on ubuntu ).



                මම කලින් post වලදි network monitoring වලට mrtg, ntop, nagios ගැන දැම්මට පස්සෙ මට හිතුනා Cacti ගැනත් පොඩ්ඩක් කිව්වොත් හොදයි කියලා. මොකද cacti කියන්නෙත් හුගක් ප්‍රසිද්ධ monitoring tool එකක්. මම මේක try කලෙ ubuntu 11.04 වල. කට්ටියට දැනගන්න මේකත් ඉන්ස්ටෝල් කරලා කන්ෆිග් කරන බ්ලොග් එකේ දැම්මා.
 මුලින්ම නොදන්න අයට දැන ගන්න පොඩ්ඩක් cacti ගැන කියන්නම්. cacti කියන්නෙ rrdtool පාවිච්චි කරලා graphical view එකක් ගන්න පුලුවන් tool එකක්. සාමන්‍යයෙන් මේකෙන් mrtg වලට වඩා හොද graph එකක් ගන්න පුලුවන්. තව වැඩ ගොඩක් කරන්නත් පුලුවන්. ඒවත් එකින් එක යථා කාලයේ දාන post වලින් දැනුම් දෙන්නම්. වෙලාව තියන විදිහට මම දැනට cacti, installation එකයි configuration එකයි මෙතන දාන්නම්
 වෙනදා වගේම එහෙනම් terminal එකක් open කරලා command ටික copy, paste කරන්න පටන් ගනිමු. මුලින්ම cacti දාන්න කලින් LAMP server එක install කරලා තියෙන්න ඕන. ඒකත් install කරලා නැත්නම් මෙන්න මේකෙන් ඒකත් install කරගන්න.
# sudo apt-get install lamp-server
මෙතනදි මොකක් හරි error එකක් එනව නම් පහලින් තියෙන command දෙක දෙන්න.  
# sudo apt-get install tasksel
         # sudo tasksel install lamp-server

මේතනින් පස්සෙ මෙන්න මේ වගේ mysql වලට password එකක් දීලා ඒක දුන්නට පස්සෙ ආයෙත් re-enter කරන්න prompt එකක් එනවා. ඒකට ඉතින් root user password එකක් දෙන්න තමයි ඕන.


ඊට පස්සෙ libphp-adodb configure කරන්න තියෙන්නෙ. මෙතනදි ok දීලා ඉස්සරහට යන්න.

ඊට පස්සෙ තවත් php packages වගයක් තියෙනව දාගන්න ඕන. ඒ කියන්නෙ php5,php5-gd,php5-mysql packages ටික.  ඒකට පහලින් තියෙන command එක පවිච්චි කරන්න.
# sudo apt-get install php5 php5-gd php5-mysql
දැන් cacti වලට ඕන environment එක හරි. දැන් තියෙන්නෙ ඉතින් cacti install කරන එක තමයි. ඒක කරන්නෙ මෙන්න මේ command එකෙන්
# sudo apt-get install cacti-spine

ඊට පස්සෙ cacti වලට පාවිච්චි කරන්නෙ මොන web server එකද කියලා prompt වෙයි. ඒකට Aache2 select කරලා ok දෙන්න.


ඊට පස්සෙ cacti වලට database එකක් install කරන්න අහලා මෙහෙම prompt වෙයි. ඒකටත් ඉතින් තියෙන්නෙ සුපුරුදු පරිදි ok දෙන්න තමයි.



අවසාන වශයෙන් cacti admin password එකක් අහලා මෙන්න මෙහෙමයි ඊට පස්සෙ password එක re-enter කරන්නත් එයි. ඒකටත් password එක හරියට දුන්නාම installation part එක ඉවරයි.




දැන් ඉතින් installion එක ඉවරයි. ඊට පසෙ ඉතින් configuration part එක. ඒකට පහලින් තියෙන පියවර ටික අනුගමනය කරන්න.
දැන් ඉතින් ඔයාගෙ machine එකේ browser එක open කරලා http://localhost/cacti වලට යන්න. එතකොට පහලින් තියෙනවා වගේ configuration guide එකක් එන්න ඕන. මේකට නම් ඉතින් next දෙන්න තමයි තියෙන්නෙ.



මේක අපි මුල්ම වතාවට කරන නිසා මෙන්න මේකට new install select කරලා next දෙන්න.



දැන් path ටික ගැන මෙන්න මේ වගෙ විස්තරයක් එයි. මේකත් හරිනම් finish දීලා මේකත් ඉවර කරන්න.



දැන් ඉතින් admin විදිහට cacti වලට log වෙන්න ඕන. මෙතනදි default username, password දෙකම admin. ඒකත් දීලා ඉස්සරහට



යමු. එතකොට admin password එක වෙනස් කරන්න මෙන්න මෙහෙම තැනකට එයි. එතකොට ඔයාට ඕන password එක දෙන්න.



දැන් මෙන්න මේ වගේ තැනකට එන්න ඕන.



දැන් දකුණු පැත්තෙ settings select කරලා paths tab එකට යන්න. මෙතනදි spine pooler file path එක  /usr/sbin/spine  වෙන්න ඕන. ඊට පස්සෙ save කරලා ඉස්සරහට යමු.



ඊට පස්සෙ poller tab එකට ගිහින් pooler type එක spine විදිහට select කරලා ඒකත් save දෙන්න.



දැන් ඉතින් විනාඩි 15 ක් විතර ඉන්න වෙනවා graph එක ගන්න. ඊට පස්සෙ මෙන්න මේ වගේ graph එකක් ගන්න පුලුවන්. Screenshot ගනිද්දි මම මේක configure කරලා තිබුන  නැති නිසා localhost එකේ performance විතරයි තියෙන්නෙ. මම ඒ screenshot ටිකත් මෙතනින් දාන්නම් එතකොට පොඩි idea එකක් ගන්න පුලුවන්.





මෙකට තව ගොඩක් දේවල් add කරන්න පුලුවන්. ඒගැන ඉස්සරහට දාන post වලින් දැනුම් දෙනකන් [ :) ]මම ගිහින් එන්නම්. වෙනදා වගේ කියන්න තියෙන්නෙ කරලා බලලා comment එකක් දාන්න.

0 comments:

Post a Comment