Pages

Ads 468x60px

Thursday, September 8, 2011

Cacti වලට NTOP plugin එක add කරන විදිහ දන්නවද ( How to add a NTOP plugin to cacti ).


-->
          මුලින්ම අපි පොඩ්ඩක් බලමු මේ කියන plugins වලින් මොනවද කරන්න පුලුවන් කියලා. මම අද දාන්න යන්නෙ ntop plugin එක. මම ntop ගැන කලින් දාපු post මෙතනින්  බලන්න. interface add  කරපු විදිහ මෙතනින් බලන්න. මෙතනදි දෙයක් කියන්න ඕන මම ntop දාන්න යන්නෙ ntop කලින් install නොකරපු machine එකකට. ඒ හින්දා මම දැනට ntop තියෙන machine එකකට මේ plugin එක දාන විදිහ ගැන නම් කියන්න දන්නෙ නෑ.
මුලින්ම cacti වලට plugin දාන්න ඕන නම් plugin archtecture එක add කරන්න ඕනා. ඒක කරන විදිහ මෙතනින් බලන්න. cacti වලට plugins add කරන්න තියෙන්නෙ බොහෝ විට එකම ක්‍රමයකට. මම මෙතනදි NTOP add කලාට වෙන එකක් දාන්න ලොකු වෙනසක් වෙන්න බෑ.
          මුලින්ම තියෙන්නෙ ntop plugin එක download කරන එක. ඒකට මෙතනින් ගන්න. ඊට පස්සෙ මේක unzip කරගන්න. මෙහෙම කරගත්තට පස්සෙ ntop කියලා folder එකක් ලැබේවි. folder එක /var/www/html/files-0.8.7g/plugins/ වලට copy කරගන්න.
දැන් තියෙන්න මේ plugin එක activate කරන එක. ඒකට usr/shared/cacti/site/include වල තියෙන config.php file එක open කරලා පහලින් තියෙන line එක $plugins = array(); එකට පස්සෙadd කරන්න.

$plugins[] = 'ntop';

ඒ කියන්නෙ දැන් මේක මෙන්න මේ වගේ වෙන්න ඕනා.

$plugins = array();
$plugins[] = 'ntop';

          දැන් ඉතින් save දීලා අපි බලමු මේක වැඩද කියලා. එකට http://127.0.0.1:3000 වලට යන්න. එතකොට පහල පලවේනි screenshot එක වගේ තැනකට ඒවි. එකෙ මම රවුම කරලා තියෙන තැන click කරන්න. එතකොට පහලින් පෙන්නල තියෙනවා වගේ graph, protocal වශයෙන් ගන්න පුලුවන්. ( මෙතනදි මම screen shot ගන්නකොට network එකකට connect වෙලා තිබුනෙ නෑ. එහින්දා කෑලි ටිකක් අඩුයි. )
මම වෙලාවක් තිබුනොත් තව plugin එකක් add කරන විදිහත් දාන්නම්. කොහොම වුනත් ලොකු වෙනසක් වෙන්නෙ නෑ. කරලා බැලුවොත් comment එකක් දාන්න අමතක කරන්න එපා. මම ගිහින් එන්නම් එහෙනම්



 
   උඩින් පොඩියට දාල තියෙන එක ලොකු කලහම මෙන්න මේ වගේ protocal වශයෙන් වෙන වෙනම පෙන්නන්නෙ.


0 comments:

Post a Comment