Pages

Ads 468x60px

Thursday, September 8, 2011

Cacti වලට plugging architecture එක දාන්නෙ කොහොමද. ( How to add plugging architecture to Cacti ).


-->
          කලින් දවසක මම cacti ගැන post දෙකක් දැම්මා මතක ඇතිනේ. කලින් දාපු cacti install කරන එකයි, cacti වලට අලුතින් device එකක් add කරන විදිහයි බලන්න ඕන නම් මෙන්න මේ link එකෙන් installation එකයි මෙන්න මේ link එකෙන් device add කරන විදිහයි බලන්න පුලුවන්. cacti කියන්නෙ තවත් plugging add කරලා හුගක් develop කරන්න පුලුවන් monitoring system එකක්. ඒ හින්දා මේක install කලට පස්සෙ තව තව plugging add කරලා මෙක develop කරන විදිහ ගැන අද post එකක් දාන්න හිතුවා.
මුලින්ම plugging දාන්න කලින් cacti වලට plugging architecture ( PIA ) එක install කරන්න ඕන. මම install කලෙ cacti 0.8.7g. ඒකට අදාල plugging architecture එක මෙතනින්  download කරගන්න එක තමයි මුල්ම පියවර. ඊට පස්සෙ download කරපු තැනට ගිහින් zip folder එක unzip කරගන්න ඕන. ඒකට පහලින් තියෙන command එක හරි නැත්නම් නිකන්ම right click unzip කර ගන්න පුලුවන්.

$ tar -zvxf cacti-plugin-arch.tar.gz
 
         එහෙම unzip කරගත්තට පස්සෙ cacti-plugin-arch කියලා folder එකක් එයි. ඊට පස්සෙ තියෙන්නෙ plugging architecture එක install කරන එක. ඒකට ක්‍රම දෙකක් තියෙනවා.

පලමු ක්‍රමය.

          පලමු ක්‍රමය තමයි pre-patched files පවිච්චිකරලා කරන්න පුලුවන් ලේසිම එක. මේ ක්‍රමය ලේසි වුනාට පවිච්චි කරන්න වඩාත් යෝග්‍ය device add නොකරපු ඒවට. දැනටමත් device add කරලා නම් දෙවන ක්‍රමයට යන්න. මේ මොන වැඩ කරන්නත් කලින් ඔයාගේ cacti folder එකේ ( /usr/shared/cacti) backup එකක් කොකටත් අරන් තියාගන්න එක හොදයි. මොකද අවුලක් ගියොත් ඒක ආයෙත් restore කරන්න පුලුවන්නෙ. එහෙම backup එක ගත්තට පස්සෙ බලමු ඉස්සරහට කරන්න තියෙන ටික. දැන් ඔයා ගත්ත cacti-plugin-arch folder එක ඇතුලට ගියොත් ඔයාට files-0.8.7g කියලා folder එකක් හම්බ වෙයි. මෙන්න මේ folder එක දැන් ඉතින් /var/www/html වලට copy කරන්න ඕන. මෙතනදි මම පවිච්චිකලෙ ubuntu නිසා තමයි මේ location එක. මේක OS එක අනුව වෙනස් වෙනවා.

දෙවන ක්‍රමය.
         දෙවන ක්‍රමයෙදි කරන්නෙ කෙලින්ම patch පවිච්චි කරන එක. දැන් තියෙන්න කලින් unzip කරපු folder එකට ගිහින් cacti-plugin-0.8.7g-PA-v2.8.diff file එක copy කරලා ඒක /var/www/html folder එකට paste කරන්න. දැන් තියෙන්නෙ පහලින් තියෙන command දෙක run කරන්න.

$ patch -p1 -N --dry-run < cacti-plugin-0.8.7g-PA-v2.8.diff
$ patch -p1 -N < cacti-plugin-0.8.7g-PA-v2.8.diff

මෙතනදි ටිකක් විකාර ( ඇත්තටම මට තෙරුනේ නෑ ;) ) error message වගයක් එයි. කමක් නෑ අපි තවත් ඉස්සරහට යමු.

ඊට පස්සෙ තියෙන්නෙ configuration part එක. මේක ඔය මොන ක්‍රමයෙන් install කලත් කරන්න ඕන මේ කියන විදිහටමයි. මුලුන්ම අපිට තියෙනවා usr/shared/cacti/site/include වල තියෙන config.php file එක වෙනස් කරන්න. ඒකට database type,name,host,user name,password එක්ක පහලින් තියෙන විදිහට edit කරන්න. අවුලක් යයි කියලා හිතෙනව නම් කලින් වගේ මෙකෙත් backup එකක් ගන්න.

$database_type = "mysql";
$database_default = "cacti";
$database_hostname = "localhost";
$database_username = "cactiuser";
$database_password = "cactiuser";

/* load up old style plugins here */
$plugins = array();
//$plugins[] = 'thold';

/*
Edit this to point to the default URL of your Cacti install
ex: if your cacti install as at http://serverip/cacti/ this
would be set to /cacti/
*/
$url_path = "/cacti/";

/* Default session name - Session name must contain alpha characters */
#$cacti_session_name = "Cacti";
 
        දැන් තියෙන්නෙ පොඩි වැඩක් කරලා වැඩේ ඉවරයක් කරලා දාන එක. ඒ කියන්නෙ plugin architecture එකේ තියෙන pa.sql file එක cacti sql database එකට import කරන එක.
දැන් plugin archtechture එක install කරලා ඉවරයි. දැන් මේකට plugin add කරන්න තමයි තියෙන්නෙ. ඒක මම ඊලග post එකෙන් දාන්නම්. දැනට ගිහින් එන්නම්. වෙනද වගේ කියන්නෙ කරලා බැලුවොත් comment එකක් දාන්න.

0 comments:

Post a Comment