Pages

Ads 468x60px

Tuesday, July 26, 2011

වින්ඩොස් 7 වල VMware vSphere Client run කරන්නෙ කොහොමද දන්නවද ? ( How to work with VMware vSphere Client in windows 7 )

සාමන්‍යයෙන් windows 7 වල networking සම්භන්ධ software වලින් වැඩ කරනකොට ubuntu වල වගේ නෙවෙයි හුගක් ලෙඩදෙනවා. මේකත් මේ මම වැඩකරනකොට ආපු ප්‍රශ්නයක් මම ගොඩ දාගත්ත විදිහ තමයි. ටිකක් වැදගත් කියල හිතුන නිසා blog එකේ දැම්මා.
මට මේ ලගදි දවසක මෙහෙ ( මම වැඩ කරන තැන ) server එකකට VMware එකකින් redhat install කරල පොඩි වැඩක් කරන්න වුනා. මට වැඩ කරන්න වුනෙ මගෙ lap එකට VMware vSphere Client එක install කරල ඒකෙන්. නමුත් කරුමෙට මගෙ lap එකේ දාල තිබුනෙ windows 7. මම ඕක install කරල run කරන්න මාර ගේමක් දුන්නා. පස්සෙයි මම දැනගත්තෙ 7 වල මේක run කරන එක දිග proceedure එකක් කියලා. කට්ටිය ඔක්කොටම දැනගන්න මම ඒක කියන්නම්.
VMware vSphere Client එක ඕනෙ නම් මෙතනින් download කරන්න. මට අපු error එකත් දාන්නම් තේරුම් ගන්න මම screen shot එකක් දාන්නම් .
 
ඕක ok කලහම මෙන්න මේක එන්න ඕනෙ.


හරි දැන් තියෙන්නෙ මේක ගොඩ දාගන්න. මුලින්ම windows xp හරි vista වල හරි  %SystemRoot%\Microsoft.NET\Framework\v2.0.50727\ වල තියෙන System.dll file එකක් copy කරල අරගන්න එක හැබැයි ඒකෙ Microsoft .NET 3.5 SP1 install කරල තියෙන්න ඕනෙ. . එහෙම එකක් හොයාගන්න බැරි නම් මම ඒකටත් link එකක් දෙන්නම්. මේකත් වෙන blog එකක තිබුන එකක්. දැන් මේක අරගෙන C:\Program Files (x86)\VMware\Infrastructure\Virtual Infrastructure Client\Launcher\Lib\. වලට copy කරන්න. හුගක් වෙලාවට Lib කියලා folder එකක් නෑ. එහෙමනම් ඒකත් හදන්න ඕනෙ.
ඊට පස්සෙ තියෙන්නෙ C:\Program Files (x86)\VMware\Infrastructure\Virtual Infrastructure Client\Launcher\ වල තියෙන  VpxClient.exe.config file එක edit කරන එක. මේකට අලුතින් පහලින් තියෙන කොටස දාන්න ඕනේ.

<runtime>
<developmentMode developerInstallation="true"/>
</runtime>

එතකොට මේක මෙන්න මෙහෙම වෙන්න ඕනෙ.

<?xml version="1.0" encoding="utf-8"?>
<configuration>
  <system.net>
        <connectionManagement>
            <clear/>
            <add address="*" maxconnection="8" />
        </connectionManagement>
    </system.net>
  <appSettings>
    <add key = "protocolports" value = "https:443"/>
  </appSettings>
  <runtime>
<developmentMode developerInstallation="true"/>
</runtime>
</configuration>

දැන් තියෙන්නෙ Control Panel → System → Advanced System Settings → Environment Variables වලට ගිහින් User Variable එකක් දෙන්න. ඒකෙ name එකට DEVPATH කියලත් value එකට C:\Program Files (x86)\VMware\Infrastructure\Virtual  Infrastructure Client\Launcher\Lib ඒකත් ( ඔයාගෙ Lib එක ) දෙන්න ඕනෙ.

දැන් හරි. පොතේ හැටියට වැඩ කරන්න ඕනේ. කරල බලලා comment එකක් දාන්න.


reference
http://blog.verlande.nl/wp-content/uploads/2009/05/system.dll
http://www.virtuallifestyle.nl/2009/05/vmware-vsphere-client-on-microsoft-windows-7/

0 comments:

Post a Comment