Pages

Ads 468x60px

Thursday, September 1, 2011

Cacti වලට අලුතින් device එකක් add කරමු. ( How to add a new device to cacti )


            මම කලින් වතාවකදි cacti, ubuntu වල install කරලා configure කරන එක ගැන පොඩි post එකක් දැම්මනෙ. හැබැයි ඒකෙදි මට monitor කරගන්න පුලුවන් වුනෙ මගෙ lap එකේ performance විතරයි. කලින් post එක මෙතනින් බලන්න. නමුත් මේවගේ tool එකකින් බලාපොරොත්තුවෙන්නෙ localhost එක වගේ දෙයක් monitor කරගන්න නෙවෙයිසාමන්‍යයෙන් ලොකු network එකක තියෙන link වගේ දේවල් monitor කරන එක තමයි මේවගේ tool එකක් පාවිච්චි කරන එකේ ප්‍රධාන අරමුණ.
            නමුත් අපි කලින් කියපු විදිහට install කරලා configure කලාට පස්සෙ අපිට එන්නෙ localhost එක විතරයි. අද post එකේ අරමුණ එහෙම අලුතින් install කරපු cacti  වලට අලුතින් device add කරන විදිහ ගැන පොඩි idea එකක් දෙන එක තමයි.
            හොදයි මේක තවත් පැහැදිලි වෙන්න මම ගත්ත් screen shots ටිකත් මේත් එක්ක දාන්නම්. අපි එදා නැවතුනෙ මේ පලවෙනි screen shot එක තිබුන තැනින්. අලුතින් මම add කරන්න යන්නෙ cisco router එකක්. මම monitor කරන්න යන්නෙ මේකෙ snmp traffic එක ඉතින් මම මුලින්ම කරන්න ඕනෙ management device ගිහින් දකුණු පැත්තෙ උඩින් තියෙන add, click කරන්න. ( දෙවනි screen shot එක බලන්න ).




            හරි දැන් තියෙන්න අපි add කරන්න යන device එකේ විස්තර ටික දෙන එක. descriptionඑකට මොකක් හරි තෙරුමක් තියෙන දෙයක් දෙන්න,මේක තමයි graph එකට උඩින් පෙන්නන්නෙඊට පස්සෙ Hostname එකට hostname එක හරි  IP එක හරි දෙන්න. මේක cisco router එකක් නිසා මෙතන්දි host template එකට cisco router select කරන්න. මගෙ router එකේ තිබුනෙ snmp version 1 නිසා මම version එක version 1 තිබ්බා. ඊට පස්සෙ මගෙ community string එක දීලා ඉතුරු ටික default තියලා create දුන්නා.


            ඔක්කොම හරිනම් ඊට පස්සෙ මෙන්න මේ වගේ ඒ සියලු විස්තර එයි.
           
            දැන් මෙතන උඩ තියෙන create graph for this host කියන link එකට යන්න. එතකොට මෙන්න මේ වගේ තැනකට එයි.


මට මෙතනදි graph එකකට ගන්න ඕන snmp-generic OID template නිසා මම graph template වලට  snmp-generic OID template select කරලා graph type එකට මම in/out bits with total bandwidth, select කලා. ඊට පස්සෙ මෙන්න මේ වගේ graph එකට label වගේ දේවල් දෙන්න. ඒක තම තමන්ට ඕන දේවල් දාගත්තට වරදක් නෑ. ඊට පස්සෙ create දෙන්න.



ඊට පස්සෙ ඒ router එකට අදාල interface ටික ගැන මෙන්න මේ වගේ විස්තර ටිකක් එනවා. ඒකට ඔයට monitor වෙන්න ඕන interface ටික tick කරලා create දෙන්න.



දැන් වැඩ ටික හරි. දැන් තියෙන්න විනාඩි 15 විතර පැත්තකට වෙලා ඉන්දලා graph ගිහින් මෙන්න මේ වගේ graph එකක් ගන්න පුලුවන්.


          කලින් දවසකත් කිව්වා වගේ මේ cacti වල පොඩි වැඩ කෑල්ලක් විතරයි. වෙලාව තියෙන විදිහට තව කරපු කියපු දේවල් ටිකක් දානකන් මම ගිහින් එන්නම්. කරලා බැලුවොත් comment එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment