Pages

Ads 468x60px

Sunday, August 28, 2011

CentOS 6.0, install කරමු. ( Installing CentOS 6.0 ).


         කලින් වතාවකදි redhat පවිච්චි කරන වෙලාවක මම කිව්වා redhat කියන්නෙ commercial OS එකක් කියලා. දැන් මම කියන්න යන්නෙ redhat වගේම පාවිච්චි කරන්න පුලුවන් OS එකක් ගැන. CentOS කියන්නෙ redhat වගේම ඒත් free download කරන්න පුලුවන් OS එකක්. මම පවිච්චි කරන්නෙ මේකෙ 6.0 version එක. ඒකත් download කරන්න ඕන නම් මෙතනින්  කරන්න. CentOS දැම්මට පස්සෙ CentOS වලිනුත් අලුත් දේවල් ටිකක් දාන්න හිතන් ඉන්නවා. ඔක්කොටම කලින් මේක install කරගන්න ඕන නිසා මේකත් blog එකට දාන එක වැදගත් කියලා හිතුනා.
                හොදයි කලින් මම දීපු link එකෙන් OS එක download කලයින් පස්සෙ තියෙන්නෙ එක්කො මෙක CD එකකට write කරන්න නැත්නම් virtual machine එකක install කරනව නම්  iso file එක  PowerISO වගේ software එකක් පවිච්චි කරලා mount කරගන්න ඕනා. ඊටපස්සෙ පටන් ගනිමු install කරන එක.
                CD එක machine එකට දැම්මට පස්සෙ, එහෙමත් නැත්නම් mount කලාට පස්සෙ machine එක restart කරන්න. දැන් ඉතින් පහල තියෙනව වගේ තැනකට එයි. මම මෙතනදි තෝරගන්නෙ පලවෙනි option එක. ඒක select කරලා enter දෙන්න.


හොදයි, ඊටපස්සෙ disk found කියලා මෙන්න මේවගේ තැනකට එයි. මෙක ok දුන්නොත් disk එකේ තියෙන bugs වගේ දේවල් දැනගන්න පුලුවන්. නමුත් මට එහෙම දෙයක් ඕන නැතිනිසා මම skip දීලා තවත් ඉස්සරහට යනවා.

                ඊට පස්සෙ එන එකටත් next දෙන්න. එතකොට language එකයි keyboard layout එකයි තෝරන්න එනවා. ඒකටත් ඔයාට ඕන language එකයි keyboard එකයි දෙන්න. සාමන්‍යයෙන් ඉතින් ඔය දෙකම පිලිවෙලින් English, U.S. English තමයි.



                මීට පස්සෙ මෙන්න මේවගේ warning එකක් එයි. මම install කරන්න යන්නෙ කලින් OS එකක් දාපු නැති  machine එකක්  උඩ නිසා මම re-install all දුන්නා.

                ඊට පස්සෙ hostname එකයි location එකයි දුන්නට පස්සෙ root password එක දෙන්න එනවා. ඒකටත් ඔයාට ඕන password එකක් දෙන්න. 





                දැන් installation type එක අහල මෙන්න මේ වගේ තැනකට එයි. ඒකට ඔයට අදාල type එක select කරලා next දෙන්න.

               
                දැන් ඉතින් මෙන්න මේවගේ partition table එක එයි. මම මේක හදන්නෙ test කරන්න නිසා මම next දීලා ඉස්සරහට ගියා. නමුත් සාමන්‍යයෙන් CentOS පාවිච්චි කරන්නෙ server ( mail,db, web ) වගේ දේවල් වලට. එහෙම අවස්තාවකදි නම් අවශ්‍යතාවය අනුව තව partition ( /home, /var වගේ ) හදන්න ඕනා.

ඊට පස්සෙ මෙන්න මේවගේ format warning එකක් එයි. එකට format දුන්නහම එන dialog එකට write changes to disk දෙන්න.


ඉන් පස්සෙ එන්නෙ boot loader options, මම default ආපුටික තියලා ඉස්සරහට ගියා.

 දැන් එන්නෙ server වලට ටිකක් වැදගත් තැනක්. මෙතනදි මම දැම්මෙ desktop කියලා  එහෙම නැත්නම් minimal දුන්නට කමක් නෑ. මේක තවදුරටත් ලේසි කරන්න ඕන නම් මෙතනදි customize now දීලා අපිට අවශ්‍ය software ටික install කරගන්න පුලුවන්. හැබැයි මම එහෙම කලෙ නෑ.

මේක next දුන්නට පස්සෙ මෙන්න මේ වගේ install වෙන්න පටන් ගනී. අවසානයේ මෙන්න මේවගේ reboot වෙන්න අහනවා. එතකොට reboot දෙන්න. ඊට පස්සෙ මේ වගේ reboot වෙයි.


 දැන් install එක ඉවර වුනාට තව ටිකක් configure කරන්න තියෙනවා. reboot එකෙන් පස්සෙ මෙන්න මේ වගේ configuration part එක පටන් ගන්නවා.  මෙතන forward කරලා ඉස්සරහට යන්න.

එතකොට මෙන්න මේවගේ license agreement එකක් එයි. එතකොට එතනට agreed දෙන්න ( මේවනම් මෙතන දාන්න ඕන දේවල් නෙවයි. මම මේක දැම්මෙ මේ post එක complete වෙන්න ඕන නිසා. )

                ඊට පස්සෙ user කෙනෙක් ( non-admin ) දෙන්න මෙන්න මේවගේ තැනකට එනවා. ඒකට ඔයාට ඕන නමක්, password එකක් දීලා ඉස්සරහට යන්න.

දැන් තියෙන්නෙ දිනයයි වෙලාවයි හදන්න.

ඊට පස්සෙ kdump කියලා තැනකට එනවා.  මේක kernal crash dump කරන ක්‍රමයක්. මෙතන finish දුන්නහම configuration එකත් ඉවරයි.

ඊට පස්සෙ login වෙන්න පුලුවන්. මෙන්න මේ වගේ.


                මම මෙක දානකොට හිතුවා මේක blog එකේ දාන්න තරම් දෙයක්ද කියලා සමහර කෙනෙකුට හිතෙන්න පුලුවන් කියලා. නමුත් CentOS වලින් ඉස්සරහට තව post ටිකක් දාන්න හිතන් ඉන්න නිසා install කරන තැනින් පටන් ගත්තොත් හොදයි කියලා හිතුන නිසයි මේක දැම්මෙ. ඒත් මේකෙදිත් සමහරවිට ප්‍රශ්න එන්න පුලුවන්. කොහොම වුනත් කරල බැලුවොත් comment එකක් දාන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්.
               

Thursday, August 25, 2011

Cacti උබුන්ටු වලට දාල network එක monitor කරමුද. ( Installation and configuring Cacti on ubuntu ).



                මම කලින් post වලදි network monitoring වලට mrtg, ntop, nagios ගැන දැම්මට පස්සෙ මට හිතුනා Cacti ගැනත් පොඩ්ඩක් කිව්වොත් හොදයි කියලා. මොකද cacti කියන්නෙත් හුගක් ප්‍රසිද්ධ monitoring tool එකක්. මම මේක try කලෙ ubuntu 11.04 වල. කට්ටියට දැනගන්න මේකත් ඉන්ස්ටෝල් කරලා කන්ෆිග් කරන බ්ලොග් එකේ දැම්මා.
 මුලින්ම නොදන්න අයට දැන ගන්න පොඩ්ඩක් cacti ගැන කියන්නම්. cacti කියන්නෙ rrdtool පාවිච්චි කරලා graphical view එකක් ගන්න පුලුවන් tool එකක්. සාමන්‍යයෙන් මේකෙන් mrtg වලට වඩා හොද graph එකක් ගන්න පුලුවන්. තව වැඩ ගොඩක් කරන්නත් පුලුවන්. ඒවත් එකින් එක යථා කාලයේ දාන post වලින් දැනුම් දෙන්නම්. වෙලාව තියන විදිහට මම දැනට cacti, installation එකයි configuration එකයි මෙතන දාන්නම්
 වෙනදා වගේම එහෙනම් terminal එකක් open කරලා command ටික copy, paste කරන්න පටන් ගනිමු. මුලින්ම cacti දාන්න කලින් LAMP server එක install කරලා තියෙන්න ඕන. ඒකත් install කරලා නැත්නම් මෙන්න මේකෙන් ඒකත් install කරගන්න.
# sudo apt-get install lamp-server
මෙතනදි මොකක් හරි error එකක් එනව නම් පහලින් තියෙන command දෙක දෙන්න.  
# sudo apt-get install tasksel
         # sudo tasksel install lamp-server

මේතනින් පස්සෙ මෙන්න මේ වගේ mysql වලට password එකක් දීලා ඒක දුන්නට පස්සෙ ආයෙත් re-enter කරන්න prompt එකක් එනවා. ඒකට ඉතින් root user password එකක් දෙන්න තමයි ඕන.


ඊට පස්සෙ libphp-adodb configure කරන්න තියෙන්නෙ. මෙතනදි ok දීලා ඉස්සරහට යන්න.

ඊට පස්සෙ තවත් php packages වගයක් තියෙනව දාගන්න ඕන. ඒ කියන්නෙ php5,php5-gd,php5-mysql packages ටික.  ඒකට පහලින් තියෙන command එක පවිච්චි කරන්න.
# sudo apt-get install php5 php5-gd php5-mysql
දැන් cacti වලට ඕන environment එක හරි. දැන් තියෙන්නෙ ඉතින් cacti install කරන එක තමයි. ඒක කරන්නෙ මෙන්න මේ command එකෙන්
# sudo apt-get install cacti-spine

ඊට පස්සෙ cacti වලට පාවිච්චි කරන්නෙ මොන web server එකද කියලා prompt වෙයි. ඒකට Aache2 select කරලා ok දෙන්න.


ඊට පස්සෙ cacti වලට database එකක් install කරන්න අහලා මෙහෙම prompt වෙයි. ඒකටත් ඉතින් තියෙන්නෙ සුපුරුදු පරිදි ok දෙන්න තමයි.



අවසාන වශයෙන් cacti admin password එකක් අහලා මෙන්න මෙහෙමයි ඊට පස්සෙ password එක re-enter කරන්නත් එයි. ඒකටත් password එක හරියට දුන්නාම installation part එක ඉවරයි.




දැන් ඉතින් installion එක ඉවරයි. ඊට පසෙ ඉතින් configuration part එක. ඒකට පහලින් තියෙන පියවර ටික අනුගමනය කරන්න.
දැන් ඉතින් ඔයාගෙ machine එකේ browser එක open කරලා http://localhost/cacti වලට යන්න. එතකොට පහලින් තියෙනවා වගේ configuration guide එකක් එන්න ඕන. මේකට නම් ඉතින් next දෙන්න තමයි තියෙන්නෙ.



මේක අපි මුල්ම වතාවට කරන නිසා මෙන්න මේකට new install select කරලා next දෙන්න.



දැන් path ටික ගැන මෙන්න මේ වගෙ විස්තරයක් එයි. මේකත් හරිනම් finish දීලා මේකත් ඉවර කරන්න.



දැන් ඉතින් admin විදිහට cacti වලට log වෙන්න ඕන. මෙතනදි default username, password දෙකම admin. ඒකත් දීලා ඉස්සරහට



යමු. එතකොට admin password එක වෙනස් කරන්න මෙන්න මෙහෙම තැනකට එයි. එතකොට ඔයාට ඕන password එක දෙන්න.



දැන් මෙන්න මේ වගේ තැනකට එන්න ඕන.



දැන් දකුණු පැත්තෙ settings select කරලා paths tab එකට යන්න. මෙතනදි spine pooler file path එක  /usr/sbin/spine  වෙන්න ඕන. ඊට පස්සෙ save කරලා ඉස්සරහට යමු.



ඊට පස්සෙ poller tab එකට ගිහින් pooler type එක spine විදිහට select කරලා ඒකත් save දෙන්න.



දැන් ඉතින් විනාඩි 15 ක් විතර ඉන්න වෙනවා graph එක ගන්න. ඊට පස්සෙ මෙන්න මේ වගේ graph එකක් ගන්න පුලුවන්. Screenshot ගනිද්දි මම මේක configure කරලා තිබුන  නැති නිසා localhost එකේ performance විතරයි තියෙන්නෙ. මම ඒ screenshot ටිකත් මෙතනින් දාන්නම් එතකොට පොඩි idea එකක් ගන්න පුලුවන්.





මෙකට තව ගොඩක් දේවල් add කරන්න පුලුවන්. ඒගැන ඉස්සරහට දාන post වලින් දැනුම් දෙනකන් [ :) ]මම ගිහින් එන්නම්. වෙනදා වගේ කියන්න තියෙන්නෙ කරලා බලලා comment එකක් දාන්න.

Sunday, August 14, 2011

Cisco router එකක ios එක backup කරන්නෙ කොහොමද ...? ( How to backup an ios file from a cisco router ).



        අද මම හිතුවා cisco router එකක ios එක backup කරන්නෙ කොහොමද කියලා කියලා දෙන්න. මට මේක කරන්න වුනෙ ලගදි දවසක මට වුනා router එකක ios එක upgrade කරන්න. ඊට කලින් backup එකක් ගන්න එක හොද නිසා මම backup එකක් ගන්න ක්‍රමයක් හෙව්වා. මේ තියෙන්නෙ එහෙම කරන විදිහ තමයි.
                මේකට මුලින්ම ඕනෙ tftp server එකක්. මේවා ඕන තරම් download කරන්න තියෙනවා. මම පවිච්චි කලෙ winagents කියලා එකක්. ඒක මෙතනින් download කරන්න. නැත්නම් මෙතනින් TFTP server 6.0 download කරන්න. මේක ඔයාගෙ computer එකේ install කලායින් පස්සෙ run කරන්න ඕනෙ. අපෙ backup file එක router එකෙන් copy වෙන්නෙ මෙන්න මේ server එකේ root folder එකට.
දැන් තියෙන්නෙ router එක console cable එකෙන් connect කරලා default settings තියාගෙන (ඒකියන්නෙ 9600 baud, 8 databits, 0 parity bits, 1 stop bit, no flow control ) වැඩේ පටන් ගනිමු.
connection එක හරි නම් දැන් පහලින් තියෙන command එක ගහලා router එකේ flash එකේ තියෙන ios file එක අපේ tftp server එකට copy කරගනිමු.
Router#copy flash tftp
මම මේ command එක දුන්නෙ මගෙ router එකේ internal flash memory එකක් තියෙන නිසා. එහෙම නැත්නම් ඒ කියන්නෙ router එක PCMICA flash card එකක් පාවිච්චි කරනව නම් මෙතන්දි දෙන command එක ටිකක් වෙනස් වෙන්න පුලුවන්. මම මේක try කරලා බැලුවෙනම් නෑ. හැබැයි මම දැක්කා ඒක එහෙමනම් පහතින් තියෙන command එක ගහන්න ඕන කියලා.
Router#copy slot1: tftp  හරි  Slot0:
මේකෙදි දෙන්නෙ මොන slot එකද කියන එක තීර්ණය වෙන්නෙ ඔයාට copy කරන්න ඕන file එක මොකක්ද කියන එකමත. ඊට පස්සෙ යන්න ඕන host එක මොකක්ද කියලා අහලා පහලින් තියෙනව වගේ අහයි.  එතනට ඔයාගෙ machine එකේ ip එක දෙන්න.
Address or name of remote host []? XXX.XXX.XXX.XXX
ඊට පස්සෙ backup එක tftp එකට save කරන කොට දෙන්න ඕන නම අහනවා. ඒකට ටිකක් තෙරුමක් තියෙන නමක් දෙන්න. හුගක් වෙලා වට default එන නමම තියෙන එක හොදයි.
Destination filename [cXXXX-X-XX.XXX-XX.bin]?
මේකෙන් පස්සෙ ටිකවෙලාවක් යයි backup එක server එකෙ root folder එකට copy වෙලා තියෙන්න ඕන. කරලා බලලා comment එකක් දාන්න. ගිහින් එන්නම්.

Cisco router එකක ios එක upgrade කරන්නෙ කොහොමද ...? ( How to upgrade ios of a cisco router. )

                    මට මේක කරන්න වුනෙත් කලින් වතාවක මම ntop වලට අලුතින් interface එකක් add කරන්න ගිහින් මගෙ router එකේ තිබුන ios එක netflow වලට support කරන්නෙ නැතිව මට ඒක upgrade කරන්න වුනා. ඒපාර මම හිතුව ඒකත් පොඩ්ඩක් දැනගන්න කට්ටියට කිව්වොත් හොදයි කියලා.
 මේකට මුලින්ම අපි ලග තියෙන router එකට ගැලපෙන ios image එකක් තෝරගන්න ඕනෙ. ඒකට ඉතින් router එකේ model එක ගහලා පොඩි search එකක් දන්න වෙයි. මම පවිච්චි කලෙ cisco 1721 router එකක්. ඒකට මම ගත්තෙ C1700-K9o3sy7-Mz 20122-11 20T.bin   router එක. Cisco 1700 සීරියස් එකට free දෙන images  මෙතනින් download කරගන්න. වෙන router එකක් නම් පොඩ්ඩක් search එකක් දාලා බලන්න. හොයාගන්න බැරි වෙන එකක් නෑ. මේකෙදි බලන්න ඕනෙ අපි දාන image එක router එකෙ flash memory එකට හරියනවද වගේ දේවල්. එහෙම ගැලපෙන එකක් හොයගෙන download කලයින් පස්සෙ අපිට ඕන වෙන්නෙ TFTP server එකක්. මේවත් ඕනතරම් download කරන්න තියෙනවා. මම පවිච්චි කලෙ winagents කියලා එකක්. ඒක මෙතනින් download කරන්න. නැත්නම් මෙතනින් TFTP server 6.0 download කරන්න. මේක ඔයාගෙ computer එකේ install කලායින් පස්සෙ ඒකෙ root folder එකට අපේ image එක copy කරලා server එක run කරන්න. මෙතනදි මතක ඇතුව router එක console cable එකකින් connect කරලා තියෙන්න ඕනෙ. console connection එකක් හදාගනිද්දි default settings ඒකියන්නෙ (9600 baud, 8 databits, 0 parity bits, 1 stop bit, no flow control) තියාගන්න ඕනෙ. මෙතනදි අපි router එකේ backup එකක් අරන් තියගන්න එක කෝකටත් හොදයි. එතකොට මොකක් හරි අවුලක් උනොත් ඒක restore කරන්න පුලුවන්නෙ. backup එකක් ගන්න විදිහ මෙතනින් බලන්න. එහෙම backup එකත් ගත්තට පස්සෙ අපි අපේ වැඩේ පටන් ගනිමු. ඒකියන්නෙ පහලින් තියෙන command ටික පිලිවෙලින් හරියටෙ දෙන එක.
Router#copy tftp flash
මේකෙන් කියන්නෙ tftp එකෙන් flash එකට copy කරන්න කියලා
Address or name of remote host []? XXX.XXX.XXX.XXX
. මෙහෙම upgrade කරන එක පටන් ගත්තට පස්සෙ අපේ server එකේ ip එක අහනවා. ඒකියන්නෙ අපේ machine එකේ ඒක මෙතනට දෙන්න. ඊට පස්සෙ අහනවා අපේ tftp server එකේ මොන file එකද copy කරන්නෙ කියලා. ඒකට ඔයාගෙ image file එක දෙන්න.
Source filename []? cXXXX-X-XX.XXX-XX.bin
 ඊට පස්සෙ මෙන්න මෙහෙම අහනව ඒ file එකට දෙන නම මොකක්ද කියලා. එකට තමන්ට හොයාගන්න පුලුවන් නමක් දෙන්න. මම නම් default එකම දුන්නා ( ඒ කියන්නෙ enter ගැහුවා ).
Destination filename []? cXXXX-X-XX.XXX-XX.bin
ඊට පස්සෙ අපෙන් අහනවා තියෙන එක erase කරන්නද කියලා. ඒකට y දෙන්න. මෙතනදි තියෙන image file එක erase වෙනවා. ඒකට විනාඩි දෙක තුනක් යයි.
Erase flash: before copying? [confirm]y
ඊට පස්සෙ show versio ගිහින් බලන්න. configuration register value එක මොනවද කියලා. එක 0x2102 නෙවෙයිනම් 0x2102 ට ගන්න පහලින් තියෙන command එක ගහන්න. මේක ගැන නම් මටත් ඒහැටි isea එකක් නෑ. ඒත් ඒක එහෙමලු ;) .
Router(config)#config-register 0x2102
දැන් අපි අපි දාපු image එකෙන් මේක boot කරන්න ඕනෙ. ඒකට පහලින් තියෙන command ටික ගහන්න.
Router(config)#no boot system
Router(config)#boot system flash cXXXX-X-XX.XXX-XX.bin 
දැන් තියෙන්නෙ හුගක් තීරණාත්මක අවස්ථාවක්. මෙතනදි configuration save කරන්න අහනවා. y දෙන්න ඕනෙ ඔයාට show run.. කරන කොට full running configuration තියෙනවා නම් විතරයි.
Router#reload
System configuration has been modified. Save? [yes/no]: y 
Building configuration...
[OK]
Proceed with reload? [confirm]y
දැන් ඉතින් show version දීලා වැඩේ හරිද බලන්න. මම reload වෙනකන් ආවෙ command prompt එකේ පස්සෙ මගෙ connection එක lost වුනා. ඊට පස්සෙ වැඩ කලේ putty වලින්. මම කරපු steps තේරුම් ගන්න screen shots ටික පහලින් දාන්නම්. එතකොට තවත් පැහැදිලි වෙයි.
මේ තියෙන්නෙ මම පාවිච්චි කල tftp server එක. ඔය c1700.... කියන්නෙ මම දාන්න යන flash file එක.



මේ තියෙන්නෙ මම දීපු command ටික පිලිවෙලින්.












වෙනදත් කියනවා වගේ කරලා බලලා comment එකක් දාන්න. ගිහින් එන්නම්.