Pages

Ads 468x60px

Tuesday, July 26, 2011

වින්ඩොස් 7 වල VMware vSphere Client run කරන්නෙ කොහොමද දන්නවද ? ( How to work with VMware vSphere Client in windows 7 )

සාමන්‍යයෙන් windows 7 වල networking සම්භන්ධ software වලින් වැඩ කරනකොට ubuntu වල වගේ නෙවෙයි හුගක් ලෙඩදෙනවා. මේකත් මේ මම වැඩකරනකොට ආපු ප්‍රශ්නයක් මම ගොඩ දාගත්ත විදිහ තමයි. ටිකක් වැදගත් කියල හිතුන නිසා blog එකේ දැම්මා.
මට මේ ලගදි දවසක මෙහෙ ( මම වැඩ කරන තැන ) server එකකට VMware එකකින් redhat install කරල පොඩි වැඩක් කරන්න වුනා. මට වැඩ කරන්න වුනෙ මගෙ lap එකට VMware vSphere Client එක install කරල ඒකෙන්. නමුත් කරුමෙට මගෙ lap එකේ දාල තිබුනෙ windows 7. මම ඕක install කරල run කරන්න මාර ගේමක් දුන්නා. පස්සෙයි මම දැනගත්තෙ 7 වල මේක run කරන එක දිග proceedure එකක් කියලා. කට්ටිය ඔක්කොටම දැනගන්න මම ඒක කියන්නම්.
VMware vSphere Client එක ඕනෙ නම් මෙතනින් download කරන්න. මට අපු error එකත් දාන්නම් තේරුම් ගන්න මම screen shot එකක් දාන්නම් .
 
ඕක ok කලහම මෙන්න මේක එන්න ඕනෙ.


හරි දැන් තියෙන්නෙ මේක ගොඩ දාගන්න. මුලින්ම windows xp හරි vista වල හරි  %SystemRoot%\Microsoft.NET\Framework\v2.0.50727\ වල තියෙන System.dll file එකක් copy කරල අරගන්න එක හැබැයි ඒකෙ Microsoft .NET 3.5 SP1 install කරල තියෙන්න ඕනෙ. . එහෙම එකක් හොයාගන්න බැරි නම් මම ඒකටත් link එකක් දෙන්නම්. මේකත් වෙන blog එකක තිබුන එකක්. දැන් මේක අරගෙන C:\Program Files (x86)\VMware\Infrastructure\Virtual Infrastructure Client\Launcher\Lib\. වලට copy කරන්න. හුගක් වෙලාවට Lib කියලා folder එකක් නෑ. එහෙමනම් ඒකත් හදන්න ඕනෙ.
ඊට පස්සෙ තියෙන්නෙ C:\Program Files (x86)\VMware\Infrastructure\Virtual Infrastructure Client\Launcher\ වල තියෙන  VpxClient.exe.config file එක edit කරන එක. මේකට අලුතින් පහලින් තියෙන කොටස දාන්න ඕනේ.

<runtime>
<developmentMode developerInstallation="true"/>
</runtime>

එතකොට මේක මෙන්න මෙහෙම වෙන්න ඕනෙ.

<?xml version="1.0" encoding="utf-8"?>
<configuration>
  <system.net>
        <connectionManagement>
            <clear/>
            <add address="*" maxconnection="8" />
        </connectionManagement>
    </system.net>
  <appSettings>
    <add key = "protocolports" value = "https:443"/>
  </appSettings>
  <runtime>
<developmentMode developerInstallation="true"/>
</runtime>
</configuration>

දැන් තියෙන්නෙ Control Panel → System → Advanced System Settings → Environment Variables වලට ගිහින් User Variable එකක් දෙන්න. ඒකෙ name එකට DEVPATH කියලත් value එකට C:\Program Files (x86)\VMware\Infrastructure\Virtual  Infrastructure Client\Launcher\Lib ඒකත් ( ඔයාගෙ Lib එක ) දෙන්න ඕනෙ.

දැන් හරි. පොතේ හැටියට වැඩ කරන්න ඕනේ. කරල බලලා comment එකක් දාන්න.


reference
http://blog.verlande.nl/wp-content/uploads/2009/05/system.dll
http://www.virtuallifestyle.nl/2009/05/vmware-vsphere-client-on-microsoft-windows-7/

Wednesday, July 20, 2011

NTOP උබුන්ටු වල ඉන්ස්ටෝල් කරලා නෙට්වර්ක් එක මොනිටර් කරමුද ? ( How to install and run NTOP in ubuntu )

අද මම කියන්න හදන්නෙ ntop ubuntu වල install කරල config කරන්නෙ කොහොමද කියලා. මුලින්ම මම mrtg ගැන කියලා දුන්නනෙ. mrtg වලින් කරන්නෙ router වල traffic එක graph කරන එක. ඒත් ntop වලින් ඊට වඩා වැඩි දෙයක් කරන්න පුලුවන්. උදාහරණයකට මේකෙන් පුලුවන් network එකේ එක එක machine, router වගේ දේවල් http, FTP, DNS, Telnet වගේ ඒවට traffic එක බෙදිලා යන විදිහ වගේ දේවල් වෙන වෙනම් බලන්න. අනිත් වාසිය තමයි අපි කලින් කල වගේ මේකට ip එහෙම දෙන්න ඕන නෑ. හොදයි, මුලින්ම තියෙන්නෙ ntop latest version එකක් download කරලා ඒක unzip කරගන්න එක. මේක manually කරන්නත් පුලුවන් ඒත් මම මේකත් command වලින්ම කරන විදිහ දාන්නම්. නමුත් මේ තියන link වල සමහර විට අවුල් ඇති.  එහෙම උනොත් කරන්න වෙන්නෙ මම අර කලින් කියපු දේ තමයි. මොන ක්‍රමයෙන් කලත් වරදක් නෑ. command වලින් කරන්න නම් terminal එකක් අරන් පහලින් තියෙන command එක ගහන්න.
මේකෙන් කරන්නෙ අර කලින් කිව්ව වගේ ntop download කරන එක.  මේක හරි ගියෙ  නැත්නම් ntop කියලා search කරලා. download කරන්න.
$ tar -xvf ./ntop-3.3.7.tar.gz
මෙතනදි නම් මම download කලේ ntop 3.3.7 ඒ මේ වෙනකොට තියෙන අලුත්ම එක.  ඊට පස්සෙ ඒක unzip කරන්න. ඒකට පහලින් තියෙන command එක ගහන්න. mrtg වලට perl වගේ මේකටත් dependencies ටිකක් තියෙනවා අවශ්‍ය කරන. ඒවා ඔක්කොම දාන්න පහලින් තියෙන command එක තමයි දෙන්න ඕන.
$ sudo aptitude update

සමහර විට මෙතනදි "sudo: aptitude: command not found" කියලා error එකක් එන්න පුලුවන්. එහෙම වුනොත් මෙන්න මේ command එක ගහලා aptitude package එක install කරගන්න.  


$ sudo apt-get install aptitude


ඊට පස්සෙ මෙන්න මේක දෙන්න.

$ sudo aptitude install build-essential linux-headers-$(uname -r) librrd2-dev libtool libpcap-dev tcpdump librrd2 rrdtool rrdtool-tcl libgdbm-dev libgdbm3 automake autoconf automake1.7 debhelper gettext html2text intltool-debian libgd2-noxpm-dev libjpeg62-dev libncurses5-dev libssl-dev libwrap0-dev po-debconf

මෙතනදි තමයි අවුලක් යනවනම් යන්න පුලුවන්.  සමහරවිට මේවා දැනටත් ඔයගෙ server එකේ ඇති. එහෙම නම් අහවල් එක newest version එකෙන් තියෙනව කියල message එකක් එයි. එහෙමනම් බය වෙන්න දෙයක් නෑ. සමහර විට warning එන්නත් පුලුවන්. අත්දැකීමෙ හැටියට මම නම් ඒවා ගනන් ගන්නෙ නෑ.  ඇත්තටම ඒවා හුගක් වෙලාවට සත පහක වටින්නෙ නෑ. හැබැයි errors අවොත් තමයි අවුල. ඒත් හරියට ඒක කියවල කියන දේ කලොත් ගොඩ දාගන්න බැරි නෑ.
හරි දැන් තියෙන්නෙ ntop folder එකේ තියෙන .sh එකක් run කරන්න. මෙතනදි පොඩ්ඩක් permission හදන්න ඕනා. ඒ ඔක්කොටම තියෙන්නෙ පහලින් තියෙන command ටික run කරන්න ඕනෑ.
$ cd ./ntop-3.3.7/
$ chmod +x ./autogen.sh
$ ./autogen.sh

මේක හරිද බලන්න බොහොම ලේසියි. මේකෙන් කරන්නෙ ntop run වෙන්න අවශ්‍ය environment එක හදන් එක. මේක හරියට වුනා නම් අන්තිමට එන්න ඕන make command එක දෙන්න කියලා. මෙතනදිත් සමහරවිට අවුල් යන්න පුලුවන්. එහෙම වුනොත් කලින් කිව්ව වගේ පරිස්සමින් message එක කියවලා ප්‍රශ්නය විසදගන්න. මේක install කරන එක මහලොකු දෙයක් නෙවෙයි. ඔක්කොම හරිනම් ඊලග command එකට යමු.

$ make
$ sudo make install

හරි දැන් වැඩේ පොතේ හැටියට නම් හරියන්න ඕනා. ඔක්කොමත් හරිනම් දැන් තමයි run කරන්න ඕනා. ඒකට අවසාන වශයෙන් පහලින් තියෙන command එක ගහන්න.

$  sudo ntop -P /usr/local/lib/ntop/

ntop පාවිච්චි කරන්නෙ 3000 port එක. දැන් අපේ වැඩේ සාර්තකත්වය බලන්න. browser එකක් open  කරලා http://localhost:3000 කියලා ගිහින් බලන්න. ඔයාගෙ network එකේ තියෙන ඒවා ටිකේ http. FTP වගේ දේවල් ගැන විස්තර එන්න ඕනා. කිව්ව වගේ මේකෙ හුගක් options තියෙනවා. මම එවායින් ටිකක් screenshots අරන් පහලින් දාල තියෙනවා. එතකොට පොඩි idea එකක් ගන්න පුලුවන් වෙයි.
try කරලා බලලා comment එකක් දාන්න අමතක කරන්න එපා. ආයෙත් අලුත් ගැජමැටික් එකක් අරන් එනකන් එහෙනම් බුදු සරණයි. මම ගිහින් එන්නම්.




Wednesday, July 13, 2011

( How to install and configure mrtg in windows ) එම්.ආර්.ටී.ජී. වින්ඩෝස් වල install කරලා configure කරන විදිහ දැනගන්න ආසද ?

කලින් වතාවක මම කිව්වනෙ mrtg, windows වල configure කරල run කරන විදිහ කියල දෙනවා කියලා. අද මම එක ගැන කියල දෙන්න තමයි හදන්නෙ. හැබැයි කලින් වතාවක කිව්වා වගේ මමත් මේක install කරලා run කලා. ඒත් මට ඒක එච්චර ubuntu වල කරපු තරම් හිතට අල්ලුවෙ නෑ.
                මෙතනදි හැබැයි ubuntu වලට වඩා එක වාසියක් තියෙනවා. ඒ මේකෙදි online ඉන්ඩ ඔන නෑ. තවදෙයක් තියෙනවා මේකට prerequisites software වගයක් තියෙනවා mrtg දන්ඩ කලින් install කරන්න.   මේක පටන් ගන්න තියෙන හොදම තැන තමයි ඒ software ටික install කරන එක. ඒනිසා මම මේක එතනින්ම පටන් ගන්නම්.
                හොදයි අපේ මුල්ම prerequisities software එක තමයි ActivePerl. මම පවිච්චි කලෙ ActivePerl 5.8.8. ඒ නිසා මම අනිත් ඒව ගැන දන්නෙ නෑ. මේක දන්න තියෙන්නෙ බොහොම සරල දෙයක්. ActivePerl 5.8.8  download කරල ඒක සාමාන්‍ය විදිහට install කරගන්න. ඊට පස්සෙ path එක සාමන්‍ය විදිහට java වල වගේ සෙට් කරන්න. ( තවටිකක් ලේසි කරන්නම් [Control Panel]->[System]->[Environment] ) .  දැන් තියෙන්නෙ mrtg install කරන එක.
                මම පාවිච්චි කරන්නෙ mrtg-2.17.1  එක. ඔයාලට කැමති අලුත් එකක් දාගත්තට වරදක් නෑ. ඒකට තියෙන්නෙ.  mrtg-2.17.1  download කරලා ඒක C:\mrtg-2.17.1 වලට unzip කරන්න. වැඩේ බොහොම පහසුයි. ඊට පස්සෙ තියෙන්නෙ එක configure කරන එක.
                වැඩේ හරිද බලන්න command prompt එකක් open කරල c:\mrtg-2.17.1\bin එකට ගිහින් perl mrtg කියල type කරලා එන්ටෙර් දෙන්ඩ. දැන් ඉතින් perl දාල path එකත් හරියට සෙට් නම් error message එකක් එන්ඩ ඔනා MRTG configuration file එකක් නෑ කියලා. ආවනම් වැඩේ ගොඩ. නැත්නම් ඉතින් installation එකේ හරි path එක සෙට් කරන එකේ හරි අවුලක්. ඒක හරි නම් අපි තවත් ඉස්සරහට යමු.
මේකටත් කලින් වගේම monitor කරන්න යන device එකේ snmp up කරල තියෙන්න ඕනා. අමතරව ip එකයි community string එකයිත් දැනන් ඉන්න ඕනා. දැන් server එකේ snmp සම්බන්ධ වැඩ වගයක් තියෙනවා. ඒකට පහත පියවර ටික අනුගමනය කරන්න.
·         Control Panel\All Control Panel Items\Programs and Features
·         Turn windows features on or off
·         Turn on snmp relates.

හෝ

·         To edit the SNMP properties on a Windows XP system, open the Services plug-in (Start | Run | services.msc).
·         Locate the SNMP service and double-click it. Click the Security tab.
·         Ensure that the SNMP community strings are set correctly.
·         If you do not wish to restrict which machines can use SNMP to communicate with the SNMP device, select the Accept SNMP packets from any host radio button. Otherwise, ensure that the system running MRTG is listed in the Accept SNMP packets from these hosts section and click OK.

දැන් ඉතින් තියෙන්නෙ මෙකෙ mrtg.cfg file එක හදන්න. මේකට තියෙන්නෙ command prompt එකක් open කරලා c:\mrtg-2.17.1\bin වලට ගිහින් මෙන්න මේ command එක run කරන්න.

perl cfgmaker public@<ip_address> --global "WorkDir: c:\www\mrtg" --output mrtg.cfg
                මම මෙතන community string එකට දුන්නෙ public කියලා ඒක default එන එක නිසා. අවශ්‍යතාවය අනුව monitor කරන්න යන device එකේ community string එක එතනටත් ip එකත් දෙන්න.
දැන් c:\mrtg-2.17.1\bin වල mrtg.cfg file එක හැදිල තියෙන්නෙ. ඒක open කරලා අරන් ඒකට මෙන්න මේ line දෙක දාන්න. මේකෙන් කරන්නෙ විනාඩි 5න් 5ට run කරන එකයි html file හැදෙන folder එක දෙන එකයි.
RunAsDaemon: yes
WorkDir: c:\www\mrtg 
දැන් ඉතින් තියෙන්නෙ දෙයියනේ කියලා මේක රුන් කරල බලන්න. ඒකට පහලින් තියෙන command එක ගහල බලන්න.
start /Dc:\mrtg-2.17.1\bin wperl mrtg --logging=eventlog mrtg.cfg
අවුලක් නැත්නම් c:\www\mrtg වල හැදුන html file open කරල බලන්න traffic monitior වෙන හැටි. මම ගියා. කරල බලලා comment එකක් දාන්න අමතක කරන්න එපා.
                

Tuesday, July 12, 2011

( How to install and configure mrtg in ubuntu ) උබුන්ටු වලට එම්.ආර්.ටී.ජී. ඉන්ස්ටොල් කරලා කන්ෆිගර් කරන විදිහ දැනගන්න ආසද ?

මුලින්ම කියන්ඩ ඔනා මම කලින් වල් පල් බ්ලොග් ලිව්වට මෙහෙම දෙයකට ලියන්ඩ පටන්ගත්ත විතරමයි. ඒනිසා සමහර විට වැරදි සිද්ධවෙයි. ඒවා ගැන සමාවෙලා මතක් කරල පොඩි comment  එකක් දාන්ඩ ඔනා
හොදයි දැන් අපි බලමු එම්.අර්.ටී.ජී කියන්නෙ මොකක්ද කියලා. mrtg කියන්නෙ multi router traffic grapier කියන්නෙ මේකෙන් කරන්නෙ නෙට්වර්ක් එකක තියෙන router වල performance මොනිටර් කරන්ඩ පාවිච්චි කරන්ඩ පුලුවන් tool එකක්. ඇත්තටම මේකෙන් වෙන්නෙ traffic එක graph වෙන එක. මේක free දෙන එකක්.මේක මම දැම්මෙ ubuntu 10.04 වලට. මුලින්ම windows 7 වලට try කරල මාරෙට වාත වුනා. අන්තිමට කොහොම හරි දාගත්ත. ඒත් අන්තිමට rrd tool ( ඒක ගැන පස්සෙ කියන්නම් ) දාන්ඩ ගිහින් බැරිවෙලා ubuntu වලට මාරු වුනා. windows වලට දාන විදිහත් කියල දෙන්නම්. හැබැයි එකට වැඩි වැඩ දාන විදිහ නම් කියල දෙන්ඩ දන්නෙ නෑ.

            හොදයි මම දැන් අපි බලමු මුලින්ම mrtg install කරන්නෙ කොහොමද කියලා. මේකත් සාමාන්‍ය software එකක් ubuntu වලට දානව වගේම terminal එකේ commands වලින්ම තමයි තියෙන්නෙ. command ටික පිලිවෙලට දාල තියෙනවා. ඒත් install කරද්දි තමයි practical ප්‍රශ්න එන්නෙ.

            හරි දැන් ඉතින් terminal එකක් open කරල installation එක ( ඒ කියන්නෙ command ගහන්ඩ ) පටන් ගනිමු.

ඒක terminal එකෙන් කරන්නෙ මේ command එකෙන් ( මතක ඇතුව internet එකට connect වෙලා ඉන්ඩ ඔන අනිත් එක මේකෙ command copy කරද්දි $ එකත් එක්ක copy කරල මට බනින එපා. මම එක්ක දැම්මෙ එක ලග command දෙනකොට command දෙකක් කියල පෙන්නන්ඩ ;)  )

$ sudo apt-get install mrtg

පොතේ හැටියට නම් දැන් configuring mrtg කියලා message එකක් එන්ඩ ඔනා. එක ok කරන්ඩ.
මේක no දුන්නත් අවුලක් නෑ කියල මම බ්ලොග් එකක දැක්ක. එත් මම නම් ok කලා. මේකෙන් වෙන්නෙ default configuring file install වෙන එකේ මොකක්ද permission සීන් එකක්. සිරාවටම මටත් තේරුනේ නෑ. හැබැයි තේරුන විදිහට නම් ඒක මේ කොටසට  සත පහකට වැඩක් නෑ ( කාටහරි තේරුනා නම් අනේ කරුනා කරල comment එකක් දාන්ඩ ). මේකෙන් කන්ෆිග් ( mrtg.cfg ) file එකක් etc වල හදනවා ( /etc/mrtg.cfg ). මේකෙන් තමයි mrtg වල ලොකු වැඩ කොටසක් කරන්නෙ. කොටින්ම කියනවනම් මේකෙ තමයි router වලින් ගත්ත තොරතුරු ඔක්කොම තියගන්නෙ.

$ sudo updatedb && locate mrtg

දැන් මේකට වෙනම directory එකක් හදලා එකට මේවා ඔක්කොම move කරගන්ඩ ඔනා. ඒකට මෙන්න මේ command එක run කරන්න ඔනා.

$ sudo mkdir /etc/mrtg && sudo mv /etc/mrtg.cfg /etc/mrtg

මේවගේ directory එක්ක වැඩ කරද්දි හුගක් වෙලාවට permission ප්‍රශ්න එනවා. එතකොට තියෙන්නෙ අදාල තැනට යනකන් permission හදන්ඩ ඔන. ( $ sudo chmod 777 <ඩිරෙක්ටරියෙ නම > ). ඒවා සමාන්‍ය දේවල් කියල හිතනවා.

            හරි දැන් installation part එක ඉවරයි. දැන් තියෙන්නෙ configuration part එක. ඒකත් බොහොම ලේසි වැඩක්. හැබැයි දැන් ඉතින් router එක ethernet port එක හරහා සර්වර් ( ඒ කියන්නෙ අපෙ computer එකට set කරල තියෙන්ඩ ඔනා . ) මම පාවිච්චි කලෙ නම් cisco 805 එකක්. මම හිතන්නෙ අනිත් එවටත් වැඩ කරන්ඩ ඔනා. හැබැයි router එකේ SNMP up කරල තියෙන්ඩ ඔනා. මොකද මේක වැඩ කරන්නෙ SNMP වලින්. අනිත් එක මුලින් කියන්ඩ අමතක වුනා router එකේ ip එකයි community string එකයි දැනගෙන ඉන්ඩ ඔනා. සාමාන්‍යයෙන් community string එක default එන්නෙ public කියල. මම මේකෙදිත් දන්නෙ default එක. නමුත් අවශ්‍යතාවය මත එක වෙනස් කරගන්ඩ. 

$ sudo cfgmaker --output=/etc/mrtg/mrtg.cfg public@<your_ip>

මොනිට කරන්ඩ router ගොඩක් තියෙනවනම් command එකේ මුලහරිය ගහල space තිය තිය අනිත් router වල <community_string>@<ip> දෙන්ඩ.
දැන් .cfg file එක හරි. නමුත් මෙකෙ පොඩි වෙනස්කම් ටිකක් කරන්ඩ ඔනා. මොකද මේක විනඩි 5න් 5run වෙන්ඩ ඔනා. තව වැඩ ගොඩක් වෙන්ඩත් ඔනා. ඒකට කරන්ඩ ඔනා /etc/mrtg/mrtg.cfg fle එක text editor එකකින් open කරල පහලින් තියෙන කොටස add කරන්ඩ ඔනා. global default කොටසට මේ කෑල්ල add කරන්ඩ  

RunAsDaemon: Yes
Interval: 5
Logdir: /var/log/
EnableIPv6: no

            මෙතන මුලින්ම කියන්නෙ එක දිගටම run කරන්ඩ කියල, ඊට පස්සෙ කියන්නෙ ඒක වින්ඩි 5න් 5ට  information අරගෙන පෙන්නන්ඩ කියලා.  ඊට පස්සෙ දීලා තියෙන්නෙ log file හැදෙන්ඩ ඔන location එක අවසන වශයෙන් IPv6 disable කරල තියෙනවා.

ඊටපස්සෙ  Debian යටතෙ තියෙන workdir : /var/www/mrtg කොටස uncomment කරන්ඩ ඔනා. මේ තියෙන්නෙ ඔයාගෙ html file ටික හැදෙන තැන. මේක host කරන්ඩ අදහසක් තියෙනවනම් ඒ directory එක තමයි දෙන්ඩ ඔනා. ඊටපස්සෙ Global default කොටසෙ Options[_] : bits,growright එකත් uncomment කරන්ඩ ඔනා. 
mrtg වල graph හැදෙන්නෙ .png විදිහට. දැන් තියෙන්නෙ මෙකෙ html file හැදෙන තැන දෙන්ඩ. කලින් කිව්ව වගෙ host කරනවනම් මේ පලවෙනි command එකෙන් directory එක හදන්නෙ නැතුව කෙලින්ම දෙවනි එකට යන්ඩ පුලුවන්.

$ sudo mkdir /var/www/mrtg
$ sudo indexmaker --output=/var/www/mrtg/index.html /etc/mrtg/mrtg.cfg

හරි දැන් ඉතින් configuraion part එක හරි. මෙච්චරක් දුර යහතින් කරගෙන එන්ඩ පුලුවන් වුනනම් දැන් තියෙන්නෙ රුන් කරන්ඩ තමයි. අවුලක් ආවනම් කලබල වෙන්ඩ එපා. terminal එකේ පෙන්නන විදිහට වැඩ කලොත් ගොඩ දාගන්ඩ පුලුවන් වෙයි. කොහොමටත් මේවගේ දේවල් එක පාරින් ගොඩදාගන්ඩ අමරුයි. දැනට වැඩේ ගොඩනම් තියෙන්නෙ run කරල බලන්ඩ තමයි. එකට command එක මෙන්න

            $ sudo env LANG=C /usr/bin/mrtg /etc/mrtg/mrtg.cfg

දැන් තියෙන්නෙ browser එකක් open කරල http://<mrtg run කරන pc එකේ ip එක >/mrtg එකට යන්ඩ. මෙතනදි page can not be display කියලා එනවා නම් /var/www/mrtg වලට ගිහින් index.html එක double click කරන්න. කලින් කිව්වා වගෙ ip එක ගහලා යන්න ඕනෙනම් ඔයාගෙ machine එකේ server එක run කරලා තියෙන්න ඕනෙ. වැඩ ඔක්කොම හරියට වුනා නම් දැන් තියෙන්ඩ ඔනා graph එකක්.  විනඩි 5ක් 10කට පස්සෙ ලස්සනට traffic එක monitor වෙනව බලන්ඩ පුලුවන්.  



ඔයාලත් try කරල බලලා comment එකක් දාන්ඩ අමතක කරන්ඩ එපා. මම අයෙ මේකම windows වල කරන විදිහ දන්ඩ හිතන් ඉන්නව වෙලාව තියෙන විදිහකට ඒකත් කරන්ඩ බලමු. මම යනවා. කට්ටිය ඔක්කොටම එහෙනම් බුදු සරණයි ....

reference  http://www.iceflatline.com/