Pages

Ads 468x60px

Tuesday, December 6, 2011

Linux පාවිච්චි කරන අයට සිංහල ශබ්දකෝෂයක් ( install stardict in linux - for sinhala users ).




               හුගක් දවසකට පස්සෙ අද මට හිතුනා පොඩි පොස්ට් එකක් දාලා යන්න මට හම්බවුන පොඩි linux application එකක් ගැන. සමහරවිට මේ ගැන දන්නවත් ඇති, මොකද මේක අලුත් දෙයක් නෙවෙයි. මේක සිංහල ශබ්ද කෝෂයක්, නම stardict. සාමාන්‍ය ශබ්ද කෝෂයකට වඩා ටිකක් වැඩි වැඩ ටිකක් කරන්න පුලුවන්. google translation වගේ දේවලුත් පුලුවන්. තව pdf. word document වල අදාල වචනෙ select කලහම් තියෙන ඔක්කොම සිංහල වචන ටික එන්න විතරක් නෙවෙයි වචනෙ ශබ්ද කරන්නෙ කොහොමද කියලත් බලගන්න පුලුවන්. මට මේක ගැන කිව්වෙ මගෙ මිත්රයෙක්. කරලම බලමුකෝ.
                මුලින්ම සුපුරුදු පරිදි terminal එකක් open කරලා පහලින් තියෙන code එක ගහලා startdict install කරගන්න.

# apt-get install stardict

                දැන් තියෙන්නෙ සිංහල - ඉංග්රීසි ශබ්ද කෝෂය setup කරගන්න. මොකද stardict තියෙන්නෙ සිංහල වලට විතරක් නෙවෙයි. නිසා අපි මේක සිංහල වලට හදාගන්න ඕනෙ. එකට සිංහල ශබ්ද කොෂය මෙතනින් download කරලා පහලින් තියෙන command එකෙන් ඒක  /usr/share/stardict/dic  වලට unzip කරගන්න.

# tar -xzvf sinhala-stardict-120908.tar.gz -C /usr/share/stardict/dic

                දැන් Accessories වලට ගිහින් බලන්න stardict ඇති. open කරල මම කලින් කියපු විදිහට transtalate කරනවට අමතරව තව ගොඩක් දේවල් කරන්න පුලුවන්. මම මේක දැම්මෙ Backtrack වල නමුත් ubuntu වලටත් වැඩ. මගෙ OS එකේ screen shot ගන්න ක්රමයක් නැති නිසා screen shot එකක් නම් ගන්න බැරි වුනා. පුලුවන් වුනොත් පස්සෙ දාන්නම්. අදට මම යනවා. කරල බලලා වැඩනම් comment එකක් දාන්න.

6 comments:

  1. මේ ඩික්ෂනරි එක සෙන්ට් ඕ එස් එකට ඉන්ස්ටෝල් කරගන්න බලන්න ඕනේ.

    ඒකට නම් apt-get install හරි යන්නේ නෑ. ඒකේ ඉන්ස්ටෝල් කරන විදිහ වෙනස්.

    yum install stardict ට්‍රයි කරලා බලන්න ඕනේ.සමහර විට හරි යයි. හරි ගියොත් අනිවා කමෙන්ට් එකක් දාන්නම්.ස්තුතියි මල්ලි මේ ගැන මතක් කලාට.

    ReplyDelete
  2. I also installed this Dictionary few days ago. Of course its a nice one. Installing Sinhala font in Ubuntu new release is bit of difficult.

    ReplyDelete
  3. @ මධුරංග අයියා .. මට මතක විදිහට CentOS / Redhat වලට එන්නෙ apt-get නෙවෙයි yum, මම හිතන්නෙ හුගක් වෙලාවට apt-get වෙනුවට yum දැම්මොත් හරියයි. මම මේක දැම්මෙ backtrack 5 (GNU) වල. දැන් නම් ඒක හොදට වැඩ කරනවා ..

    …@ El Gamal .. I think you are talking about Ubuntu 11.10 or 11.04, I'm sorry I don't have any experience of installing stardict and installing sinhala fount on ubuntu new release. But in ubuntu 10.04 It's working fine. As I know ubuntu 11 versions are somewhat unstable. therefore there may be some problems. If I could find out it I'll let you know ...!

    ReplyDelete
  4. ඔවු ඒ කමාන්ඩ් එක හරි. මුලින්ම මම yum සර්ච් එකක් දැම්මා. ඊට පස්සේ තමා රෙපෝ වල ඔය ඩික්ශනරිය තියෙනවා දැක්කේ.
    yum search stardict

    ඊට පස්සේ ඉන්ස්ටෝල් කලා. ඒත් මට කියන ෆෝල්ඩර් එක මැනුවලි ක්‍රියේට් කරන්න උනා. ඊට පස්සේ තමයි අන්ටාර් කලේ.

    දැන් ඒක වැඩ.

    ReplyDelete
  5. බොහොම ස්තූතියි අයියා ... ඔයාගෙ කමෙන්ට් එකෙන් මම අලුත් දේවල් ඉගෙනගන්නවා .... ! ;)

    ReplyDelete
  6. බොහොම ස්තූතියි.....

    ReplyDelete