Pages

Ads 468x60px

Tuesday, July 12, 2011

( How to install and configure mrtg in ubuntu ) උබුන්ටු වලට එම්.ආර්.ටී.ජී. ඉන්ස්ටොල් කරලා කන්ෆිගර් කරන විදිහ දැනගන්න ආසද ?

මුලින්ම කියන්ඩ ඔනා මම කලින් වල් පල් බ්ලොග් ලිව්වට මෙහෙම දෙයකට ලියන්ඩ පටන්ගත්ත විතරමයි. ඒනිසා සමහර විට වැරදි සිද්ධවෙයි. ඒවා ගැන සමාවෙලා මතක් කරල පොඩි comment  එකක් දාන්ඩ ඔනා
හොදයි දැන් අපි බලමු එම්.අර්.ටී.ජී කියන්නෙ මොකක්ද කියලා. mrtg කියන්නෙ multi router traffic grapier කියන්නෙ මේකෙන් කරන්නෙ නෙට්වර්ක් එකක තියෙන router වල performance මොනිටර් කරන්ඩ පාවිච්චි කරන්ඩ පුලුවන් tool එකක්. ඇත්තටම මේකෙන් වෙන්නෙ traffic එක graph වෙන එක. මේක free දෙන එකක්.මේක මම දැම්මෙ ubuntu 10.04 වලට. මුලින්ම windows 7 වලට try කරල මාරෙට වාත වුනා. අන්තිමට කොහොම හරි දාගත්ත. ඒත් අන්තිමට rrd tool ( ඒක ගැන පස්සෙ කියන්නම් ) දාන්ඩ ගිහින් බැරිවෙලා ubuntu වලට මාරු වුනා. windows වලට දාන විදිහත් කියල දෙන්නම්. හැබැයි එකට වැඩි වැඩ දාන විදිහ නම් කියල දෙන්ඩ දන්නෙ නෑ.

            හොදයි මම දැන් අපි බලමු මුලින්ම mrtg install කරන්නෙ කොහොමද කියලා. මේකත් සාමාන්‍ය software එකක් ubuntu වලට දානව වගේම terminal එකේ commands වලින්ම තමයි තියෙන්නෙ. command ටික පිලිවෙලට දාල තියෙනවා. ඒත් install කරද්දි තමයි practical ප්‍රශ්න එන්නෙ.

            හරි දැන් ඉතින් terminal එකක් open කරල installation එක ( ඒ කියන්නෙ command ගහන්ඩ ) පටන් ගනිමු.

ඒක terminal එකෙන් කරන්නෙ මේ command එකෙන් ( මතක ඇතුව internet එකට connect වෙලා ඉන්ඩ ඔන අනිත් එක මේකෙ command copy කරද්දි $ එකත් එක්ක copy කරල මට බනින එපා. මම එක්ක දැම්මෙ එක ලග command දෙනකොට command දෙකක් කියල පෙන්නන්ඩ ;)  )

$ sudo apt-get install mrtg

පොතේ හැටියට නම් දැන් configuring mrtg කියලා message එකක් එන්ඩ ඔනා. එක ok කරන්ඩ.
මේක no දුන්නත් අවුලක් නෑ කියල මම බ්ලොග් එකක දැක්ක. එත් මම නම් ok කලා. මේකෙන් වෙන්නෙ default configuring file install වෙන එකේ මොකක්ද permission සීන් එකක්. සිරාවටම මටත් තේරුනේ නෑ. හැබැයි තේරුන විදිහට නම් ඒක මේ කොටසට  සත පහකට වැඩක් නෑ ( කාටහරි තේරුනා නම් අනේ කරුනා කරල comment එකක් දාන්ඩ ). මේකෙන් කන්ෆිග් ( mrtg.cfg ) file එකක් etc වල හදනවා ( /etc/mrtg.cfg ). මේකෙන් තමයි mrtg වල ලොකු වැඩ කොටසක් කරන්නෙ. කොටින්ම කියනවනම් මේකෙ තමයි router වලින් ගත්ත තොරතුරු ඔක්කොම තියගන්නෙ.

$ sudo updatedb && locate mrtg

දැන් මේකට වෙනම directory එකක් හදලා එකට මේවා ඔක්කොම move කරගන්ඩ ඔනා. ඒකට මෙන්න මේ command එක run කරන්න ඔනා.

$ sudo mkdir /etc/mrtg && sudo mv /etc/mrtg.cfg /etc/mrtg

මේවගේ directory එක්ක වැඩ කරද්දි හුගක් වෙලාවට permission ප්‍රශ්න එනවා. එතකොට තියෙන්නෙ අදාල තැනට යනකන් permission හදන්ඩ ඔන. ( $ sudo chmod 777 <ඩිරෙක්ටරියෙ නම > ). ඒවා සමාන්‍ය දේවල් කියල හිතනවා.

            හරි දැන් installation part එක ඉවරයි. දැන් තියෙන්නෙ configuration part එක. ඒකත් බොහොම ලේසි වැඩක්. හැබැයි දැන් ඉතින් router එක ethernet port එක හරහා සර්වර් ( ඒ කියන්නෙ අපෙ computer එකට set කරල තියෙන්ඩ ඔනා . ) මම පාවිච්චි කලෙ නම් cisco 805 එකක්. මම හිතන්නෙ අනිත් එවටත් වැඩ කරන්ඩ ඔනා. හැබැයි router එකේ SNMP up කරල තියෙන්ඩ ඔනා. මොකද මේක වැඩ කරන්නෙ SNMP වලින්. අනිත් එක මුලින් කියන්ඩ අමතක වුනා router එකේ ip එකයි community string එකයි දැනගෙන ඉන්ඩ ඔනා. සාමාන්‍යයෙන් community string එක default එන්නෙ public කියල. මම මේකෙදිත් දන්නෙ default එක. නමුත් අවශ්‍යතාවය මත එක වෙනස් කරගන්ඩ. 

$ sudo cfgmaker --output=/etc/mrtg/mrtg.cfg public@<your_ip>

මොනිට කරන්ඩ router ගොඩක් තියෙනවනම් command එකේ මුලහරිය ගහල space තිය තිය අනිත් router වල <community_string>@<ip> දෙන්ඩ.
දැන් .cfg file එක හරි. නමුත් මෙකෙ පොඩි වෙනස්කම් ටිකක් කරන්ඩ ඔනා. මොකද මේක විනඩි 5න් 5run වෙන්ඩ ඔනා. තව වැඩ ගොඩක් වෙන්ඩත් ඔනා. ඒකට කරන්ඩ ඔනා /etc/mrtg/mrtg.cfg fle එක text editor එකකින් open කරල පහලින් තියෙන කොටස add කරන්ඩ ඔනා. global default කොටසට මේ කෑල්ල add කරන්ඩ  

RunAsDaemon: Yes
Interval: 5
Logdir: /var/log/
EnableIPv6: no

            මෙතන මුලින්ම කියන්නෙ එක දිගටම run කරන්ඩ කියල, ඊට පස්සෙ කියන්නෙ ඒක වින්ඩි 5න් 5ට  information අරගෙන පෙන්නන්ඩ කියලා.  ඊට පස්සෙ දීලා තියෙන්නෙ log file හැදෙන්ඩ ඔන location එක අවසන වශයෙන් IPv6 disable කරල තියෙනවා.

ඊටපස්සෙ  Debian යටතෙ තියෙන workdir : /var/www/mrtg කොටස uncomment කරන්ඩ ඔනා. මේ තියෙන්නෙ ඔයාගෙ html file ටික හැදෙන තැන. මේක host කරන්ඩ අදහසක් තියෙනවනම් ඒ directory එක තමයි දෙන්ඩ ඔනා. ඊටපස්සෙ Global default කොටසෙ Options[_] : bits,growright එකත් uncomment කරන්ඩ ඔනා. 
mrtg වල graph හැදෙන්නෙ .png විදිහට. දැන් තියෙන්නෙ මෙකෙ html file හැදෙන තැන දෙන්ඩ. කලින් කිව්ව වගෙ host කරනවනම් මේ පලවෙනි command එකෙන් directory එක හදන්නෙ නැතුව කෙලින්ම දෙවනි එකට යන්ඩ පුලුවන්.

$ sudo mkdir /var/www/mrtg
$ sudo indexmaker --output=/var/www/mrtg/index.html /etc/mrtg/mrtg.cfg

හරි දැන් ඉතින් configuraion part එක හරි. මෙච්චරක් දුර යහතින් කරගෙන එන්ඩ පුලුවන් වුනනම් දැන් තියෙන්නෙ රුන් කරන්ඩ තමයි. අවුලක් ආවනම් කලබල වෙන්ඩ එපා. terminal එකේ පෙන්නන විදිහට වැඩ කලොත් ගොඩ දාගන්ඩ පුලුවන් වෙයි. කොහොමටත් මේවගේ දේවල් එක පාරින් ගොඩදාගන්ඩ අමරුයි. දැනට වැඩේ ගොඩනම් තියෙන්නෙ run කරල බලන්ඩ තමයි. එකට command එක මෙන්න

            $ sudo env LANG=C /usr/bin/mrtg /etc/mrtg/mrtg.cfg

දැන් තියෙන්නෙ browser එකක් open කරල http://<mrtg run කරන pc එකේ ip එක >/mrtg එකට යන්ඩ. මෙතනදි page can not be display කියලා එනවා නම් /var/www/mrtg වලට ගිහින් index.html එක double click කරන්න. කලින් කිව්වා වගෙ ip එක ගහලා යන්න ඕනෙනම් ඔයාගෙ machine එකේ server එක run කරලා තියෙන්න ඕනෙ. වැඩ ඔක්කොම හරියට වුනා නම් දැන් තියෙන්ඩ ඔනා graph එකක්.  විනඩි 5ක් 10කට පස්සෙ ලස්සනට traffic එක monitor වෙනව බලන්ඩ පුලුවන්.  



ඔයාලත් try කරල බලලා comment එකක් දාන්ඩ අමතක කරන්ඩ එපා. මම අයෙ මේකම windows වල කරන විදිහ දන්ඩ හිතන් ඉන්නව වෙලාව තියෙන විදිහකට ඒකත් කරන්ඩ බලමු. මම යනවා. කට්ටිය ඔක්කොටම එහෙනම් බුදු සරණයි ....

reference  http://www.iceflatline.com/

0 comments:

Post a Comment