Pages

Ads 468x60px

Friday, December 16, 2011

Backtrack 5 වල wifi වැඩ කරන්නෙ නැද්ද ..? ( Problem with wifi in Backtrack 5 ...? )

  

     මේ ලගදි දවසක මට පොඩි වැඩකට backtrack 5 දාන්න සිද්ධවුනා. මුලින්ම කියන්නම්කෝ ඒ මොකක්ද කියලා.. backtrack 5 කියනන්නේ linux OS එකක්. මේක හුගක් පාවිච්චි කරන්නෙ Hacking වගේ දේවල් වලට තව මේක vulnerability test කරන්න වගේ දේවල් වලටත් පාවිච්චි වෙනවා. පොඩ්ඩක් test කරලා බලන්න ඔනෙ නම් මෙන්න මෙතනින් download කරගන්න පුලුවන්. තියෙන්නෙ ඉල්ලන විස්තර ටික දීලා download දෙන්න විතරයි.
       දැන් ඉතින් ඕක install කලාට පස්සෙ මගෙ wifi වැඩ නෑ. මට ඕන වුනෙත් wifi සම්බන්ධ වැඩකට නිසා මම ඒක ගැන පොඩ්ඩක් search කලා පස්සෙ තමයි දැනගත්තෙ හේතුව drivers අවුලක් කියලා. ඉතින් ඒක ගොඩදාගත්ත විදිහත් කට්ටියට වැදගත් වෙයි කියලා හිතුන නිසා මම blog එකේ දාන්න හිතුවා.
       එහෙනම් ඉතින් වෙනදා වගෙම terminal එකක් open මෙන්න මේ code ටික ගහන්න පටන් ගන්න ;)


# ln -s /usr/src/linux /lib/modules/2.6.39.4/build
# cd/usr/src/
# wget http://linuxwireless.org/download/compat-wireless-2.6/compat-wireless-2011-07-14.tar.bz2

මට මෙතනදි මේ command එක වැඩ කලේ නෑ ඒ හින්දා මම මේක වෙනම download කරලා /usr/src එක ඇතුලට copy කලා

# tar jxpf compat-wireless-2011-07-14.tar.bz2
# wget http://www.backtrack-linux.org/2.6.39.patches.tar


මෙකත් කලින් වගේ වෙනම download කරලා /usr/src එක ඇතුලට copy කලා

# tar xpf 2.6.39.patches.tar
# cd compat-wireless-2011-07-14
# patch -p1 < ../patches/mac80211-2.6.29-fix-tx-ctl-no-ack-retry-count.patch
# patch -p1 < ../patches/mac80211.compat08082009.wl_frag+ack_v1.patch
# patch -p1 < ../patches/zd1211rw-2.6.28.patch
# patch -p1 < ../patches/ipw2200-inject.2.6.36.patch
# make
# make install

දැන් ඉතින් ඕක ටිකක් වෙලා ( පැය භාගයක් විතර ) වැඩ කරයි. ඊට පස්සෙ restart එකක් දෙන්න.

# reboot

        පොතේ විදිහට wifi වැඩ කරන්න ඕනෙ. කරල බැලුවොත් comment එකක් දාන්න. මම් ගිහින් එන්නම්.

        හොයාගත්තෙ මෙතනින්

4 comments:

  1. මම නම් බැක්ට්‍රැකින් යූස් කරලා නෑ. අළුත් දෙයක් දැන ගත්තා. කරලා බලලාම කියන්නම්. මේක වර්චුවල් බොක්ස් එකකට වගේ දාලා වැඩ කරන්න පුලුවන් ඇති නේ ?

    ලිනක්ස් කර්නල් එක පාදක කරගෙන හදපු ඕ එස් ගොඩක් මේ දවස්වල හම්බ වෙලා තියෙනවා. නෙට්වර්ක් වලට හොද openNop.

    ඒ වගේම pfsense වලින් ෆයර්වෝල් වලට හොද freeBSD වගේ ඒවා එක්ක මේ දවස්වල වැඩ කරනවා.
    ඒ නිසා මේකත් හොයලා බලන්න ඕනා.

    ReplyDelete
  2. virtual box eke පුලුවන් .. අයියා "හන්තාන ලිනක්ස් " පාවිච්චි කරලා තියෙනවද...? මටත් ඒක හම්බ වුනෙ බ්ලොග් එකකින්. download නම් කලා හැබැයි ටිකක් ලොකුයි. හුගක් applications දාලා තියෙනවා. වෙලාවක් තිබුනොත් try කරලා බලන්න.

    …http://hanthana.org/download.php

    ReplyDelete
  3. හන්තාන ලිනක්ස් නම් පාවිච්චි කරලා නෑ. ට්‍රයි කරලා බලන්නම්.:)

    ReplyDelete
  4. wifi crack karaganna puluwan ubada ithin ?

    ReplyDelete