Pages

Ads 468x60px

Friday, October 12, 2012

Redhat වලට yum local repository එකක් හදමු. ( Create Yum local Repository on Redhat )


             සාමාන්‍යයෙන් windows වගේ නෙවෙයි Linux වලට software එකක් install කරනකොට හුගක් වෙලාවට software එකට අදාල තවත් dependencies install කරන්න වෙනවා. මේ නිසා Linux වලට software install කරන එක සමහර වෙලාවට හුගක් අමාරු වෙන්වා. හැබැයි online ඉන්න්ස්වනම් "yum" භාවිතා කරලා ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්. මොකද අපි "yum install" command එකත් එක්ක අදාල software එක දුන්නොත් ඒක install වෙන්නෙ ඊට අදාල dependencies ඔක්කොමත් install කරගෙන. නමුත් ඒකට online ඉන්න ඕනෙ. එතකොට අදාල software එක අපි හොයන තැන නැත්නම් ඒක වෙනත් තැනකින් කියන්නේ mirror එකකින් install කරගන්නවා.


              මම අද post එක දාන්නේ එහෙම online ඉන්නෙ නැතිව "yum install" command එකත් එක්ක අදාල software එක දුන්නහම ඒක ඕන dependencies එක්ක install කරගන්න පුළුවන් වෙන්න yum repo එකක් locally හදාගන්නේ කොහොමද කියලා කියන එක.
             අපිට මේකට ඕන rmp file ටික අපි ගන්නේ os එකේ image එකෙන්. මම මෙතනදි පාවිච්චි කලේ Redhat 5.8. අනිත් එක rpm ගනිද්දි අපිට ඒක copy කරලා ගන්නත් පුළුවන් නැත්නම් ios එක mount කරලා කරන්නත් පුළුවන්. මම කරන්නෙ mount කරන එක.
          මුලින්ම image එක copy කරලා ඊට පස්සේ ඒක mount කරන්න ඕනෙ. ඊට කලින් අපි image එක mount කරන්න directory එකක් හදාගන්න ඕනේ.

          මුලින්ම root permission අරගෙන වැඩේ පටන් ගමු.
# su – root
Password:<your_passwd>
# mkdir /rhel/iso

           ඊට පස්සෙ mount කරන්න මේ command එක දෙන්න.
# mount –o loop <path_to_iso> <location_to_mount_point>

          මම iso එක copy කලේ /tempo කියල directory එකකට. mount point එක කලින් හදපු directory එක. එතකොට මගෙ command එක මෙන්න මෙහෙමයි.

 # mount –o loop /tempo/rhel-server-5.8-x86_64-dvd.iso /rhel/iso

          දැන් iso file එක අපි දීපු තැනට mount වෙලා තියෙන්නේ. iso file එකක rpm තියෙන්නෙ Server කියලා directory එකක. ඔනෙ නම් අපිට ls /rhel/iso/Server කියලා තියෙන rpm ඔක්කොම බලන්න පුලුවන්.
දැන් අපිට /rhel/iso/Server වල තියෙන createrepo කියන package එක manually install කරන්න වෙනවා. ඒකට පහලින් තියන command එක දෙන්න.

# rpm –ivh /rhel/iso/createrepo

              දැන් තියෙන්නේ පහලින් තියෙන command එකෙන් local repo එක හදලා yum එක clear කරන්න. ඒකට /rhel directory එකට ගිහින් පහල command දෙක දෙන්න.
# cd /rhel
# createrepo .
# yum clean all

           දැන් repo එක හැදිලා ඉවරයි. නමුත් .repo file එකට අපි හදපු repo එකේ location එක දෙන්න ඕනෙ. එකට vim editor එකෙන් /etc/yum.repo/ කියන තැන. අපිට අවශ් repo file එක හදාගන්න ඕනෙ. එකට පහලින් තියෙන comman එක දෙන්න. මම මෙතනදි repo file eka හැදුවෙ iso කියලා. නමුත් කැමති නමක් දෙන්න පුලුවන්.

# vi /etc/yum.repo/iso.repo

        දැන් පහලින් තියෙන line ටික මේ file එකට add කරන්න. [vim editor එකෙදි type කරන්න කලින් insert/i බට්න් එක ඔබන්න ඕනේ. type කලාට පස්සේ ආපසු පිලිවෙලින් : wq දුන්නහම file එක save වෙලා exit වෙනවා.]

[iso-repo]
baseurl=file:///rhel/iso/Server
enabled=1
gpgcheck=0

           මෙතන file එකේ baseurl එකින් දෙන්නේ අපේ repo එක තියෙන තැන. file:// කියන්නේ http:// වගේ protocal එක.

             දැන් අපේ වැඩේ ඉවරයි. repo එකේ තියෙන ඕනෙම එකක් දැන් අපිට පහලින් තියෙන command පාවිච්චි කරලා install කරන්න පුලුවන්. ඊට අමතරව තවත් command ටිකක් තියෙන්වා yum එක්ක භාවිතා කරන්න පුලුවන්.

# yum install <package_name>           - package එකක් install කරන්න.
# yum remove <package_name>         - package එකක් remove කරන්න
# yum list installed                               - install වුන packages බලන්න.
# yum list available                              - repo එකෙ තියෙන package එකක් බලන්න. .
# yum  info <package_name>              - package එකක විස්තර දැනගන්න

         කරලා බලන්න. විස්තර මටත් කියන්න. මම ගිහින් එන්නම්.
හොයාගත්තෙ  මෙතනින්