Pages

Ads 468x60px

Friday, December 16, 2011

Backtrack 5 වල wifi වැඩ කරන්නෙ නැද්ද ..? ( Problem with wifi in Backtrack 5 ...? )

  

     මේ ලගදි දවසක මට පොඩි වැඩකට backtrack 5 දාන්න සිද්ධවුනා. මුලින්ම කියන්නම්කෝ ඒ මොකක්ද කියලා.. backtrack 5 කියනන්නේ linux OS එකක්. මේක හුගක් පාවිච්චි කරන්නෙ Hacking වගේ දේවල් වලට තව මේක vulnerability test කරන්න වගේ දේවල් වලටත් පාවිච්චි වෙනවා. පොඩ්ඩක් test කරලා බලන්න ඔනෙ නම් මෙන්න මෙතනින් download කරගන්න පුලුවන්. තියෙන්නෙ ඉල්ලන විස්තර ටික දීලා download දෙන්න විතරයි.
       දැන් ඉතින් ඕක install කලාට පස්සෙ මගෙ wifi වැඩ නෑ. මට ඕන වුනෙත් wifi සම්බන්ධ වැඩකට නිසා මම ඒක ගැන පොඩ්ඩක් search කලා පස්සෙ තමයි දැනගත්තෙ හේතුව drivers අවුලක් කියලා. ඉතින් ඒක ගොඩදාගත්ත විදිහත් කට්ටියට වැදගත් වෙයි කියලා හිතුන නිසා මම blog එකේ දාන්න හිතුවා.
       එහෙනම් ඉතින් වෙනදා වගෙම terminal එකක් open මෙන්න මේ code ටික ගහන්න පටන් ගන්න ;)


# ln -s /usr/src/linux /lib/modules/2.6.39.4/build
# cd/usr/src/
# wget http://linuxwireless.org/download/compat-wireless-2.6/compat-wireless-2011-07-14.tar.bz2

මට මෙතනදි මේ command එක වැඩ කලේ නෑ ඒ හින්දා මම මේක වෙනම download කරලා /usr/src එක ඇතුලට copy කලා

# tar jxpf compat-wireless-2011-07-14.tar.bz2
# wget http://www.backtrack-linux.org/2.6.39.patches.tar


මෙකත් කලින් වගේ වෙනම download කරලා /usr/src එක ඇතුලට copy කලා

# tar xpf 2.6.39.patches.tar
# cd compat-wireless-2011-07-14
# patch -p1 < ../patches/mac80211-2.6.29-fix-tx-ctl-no-ack-retry-count.patch
# patch -p1 < ../patches/mac80211.compat08082009.wl_frag+ack_v1.patch
# patch -p1 < ../patches/zd1211rw-2.6.28.patch
# patch -p1 < ../patches/ipw2200-inject.2.6.36.patch
# make
# make install

දැන් ඉතින් ඕක ටිකක් වෙලා ( පැය භාගයක් විතර ) වැඩ කරයි. ඊට පස්සෙ restart එකක් දෙන්න.

# reboot

        පොතේ විදිහට wifi වැඩ කරන්න ඕනෙ. කරල බැලුවොත් comment එකක් දාන්න. මම් ගිහින් එන්නම්.

        හොයාගත්තෙ මෙතනින්

Tuesday, December 6, 2011

Linux පාවිච්චි කරන අයට සිංහල ශබ්දකෝෂයක් ( install stardict in linux - for sinhala users ).




               හුගක් දවසකට පස්සෙ අද මට හිතුනා පොඩි පොස්ට් එකක් දාලා යන්න මට හම්බවුන පොඩි linux application එකක් ගැන. සමහරවිට මේ ගැන දන්නවත් ඇති, මොකද මේක අලුත් දෙයක් නෙවෙයි. මේක සිංහල ශබ්ද කෝෂයක්, නම stardict. සාමාන්‍ය ශබ්ද කෝෂයකට වඩා ටිකක් වැඩි වැඩ ටිකක් කරන්න පුලුවන්. google translation වගේ දේවලුත් පුලුවන්. තව pdf. word document වල අදාල වචනෙ select කලහම් තියෙන ඔක්කොම සිංහල වචන ටික එන්න විතරක් නෙවෙයි වචනෙ ශබ්ද කරන්නෙ කොහොමද කියලත් බලගන්න පුලුවන්. මට මේක ගැන කිව්වෙ මගෙ මිත්රයෙක්. කරලම බලමුකෝ.
                මුලින්ම සුපුරුදු පරිදි terminal එකක් open කරලා පහලින් තියෙන code එක ගහලා startdict install කරගන්න.

# apt-get install stardict

                දැන් තියෙන්නෙ සිංහල - ඉංග්රීසි ශබ්ද කෝෂය setup කරගන්න. මොකද stardict තියෙන්නෙ සිංහල වලට විතරක් නෙවෙයි. නිසා අපි මේක සිංහල වලට හදාගන්න ඕනෙ. එකට සිංහල ශබ්ද කොෂය මෙතනින් download කරලා පහලින් තියෙන command එකෙන් ඒක  /usr/share/stardict/dic  වලට unzip කරගන්න.

# tar -xzvf sinhala-stardict-120908.tar.gz -C /usr/share/stardict/dic

                දැන් Accessories වලට ගිහින් බලන්න stardict ඇති. open කරල මම කලින් කියපු විදිහට transtalate කරනවට අමතරව තව ගොඩක් දේවල් කරන්න පුලුවන්. මම මේක දැම්මෙ Backtrack වල නමුත් ubuntu වලටත් වැඩ. මගෙ OS එකේ screen shot ගන්න ක්රමයක් නැති නිසා screen shot එකක් නම් ගන්න බැරි වුනා. පුලුවන් වුනොත් පස්සෙ දාන්නම්. අදට මම යනවා. කරල බලලා වැඩනම් comment එකක් දාන්න.

Thursday, October 6, 2011

වින්ඩොස් 7 වල VMware vSphere Client run කරන්නෙ කොහොමද දන්නවද ? ( How to work with VMware vSphere Client in windows 7 ) - Video කුප්පිය

       කලින් වතාවකත් මම මේ ගැන post එකක් දැම්මා.  පස්සෙ මම මේකම youtube upload කලා. ඒකත් බ්ලොග් එකේ දාන්න හිතුවා. කලින් දාපු පොස්ට් එක මෙතනින් බලන්න. video එක තමයි මේ තියෙන්නෙ. 



Wednesday, September 21, 2011

Cacti installation වීඩියෝ කුප්පියක්. ( Cacti installation video tutorial )

     මම youtube එකේ search කරනකොට මට cacti ඉන්ස්ටල්ලටිඔන් එක ගැන තියෙන මරු video එකක් හම්බ වුනා. කට්ටියට දැනගන්න එක්ක එකත් දාන්න හිතුනා.


  cacti ගැන කලින් දාපු post පහලින් තියෙන link වලින් බලන්න.

Thursday, September 15, 2011

Ntop වල historical graph data පෙන්නන්නෙ නැද්ද . ( Doesn't NTOP display any Historical graph data ) .......?

       
      කලින් මම NTOP උබුන්ටු වල install කරන විදිහ post එකක් දැම්මනෙ. ඊට පස්සෙ හුගක් වෙලාවට වෙන ප්‍රශ්නෙ තමයි මේකෙ graph ගන්න බැරිවෙන එක. ( කලින් NTOP install & configure කරන විදිහ බලන්න ඕන නම් මෙතනින් බලන්න. තවත් ඉතින් NTOP වලට interface එකක් add කරපු විදිහ ඕනනම් මෙතනින් බලන්න. ).ඒ කියන්නෙ මෙන්න මේ වගේ http://127.0.0.1:3000 ට ගියහම ntop > summery > traffic ගියහම ) historical graph data කියලා icon එකක් සහිත කොටස නැති එක. මේකෙන් අපිට වෙන වෙනම protacol විදිහට traffic එක graph වෙන විදිහ බලන්න පුලුවන්. පහලින් දාල තියෙන්නෙ එහෙම historical graph data add කරපු එකක්. 




       හරි දැන් ඉතින් ප්‍රශ්නෙ තෙරුම් ගත්තනෙ. දැන් මේක ගොඩ දාන විදිහ බලමු. 
        බොහොම සුලු දෙයක් කරන්න තියෙන්නෙ. මුලින්ම plugins > all ගිහින් rrd plugin එකට යන්න. ඊට පස්සෙ ඒක activate කරන්න no කියලා තියෙන එක yes කරන්න. ඊට පස්සෙ error msseage එකක් එයි unable to create subdirectory කියලා. දැන් තියෙන්නෙ ඔන්න ඔය ප්‍රශ්නෙ විසදන්න.
     මේකට මුලුන්ම rrdplugin link එක click කරලා rrd file path එක බලාගන්න. ඊට පස්සෙ තියෙන්නෙ එහෙම folder එකක් නැත්නම් එක හදලා එකට ntop වලින් ඉල්ලන permission දෙන එක.   ( හුගක් වෙලාවට path එක /var/lib/ntop/rrd වෙයි ). folder එක හැදුවට හරි තියෙන එකේ හරි permission දෙන්න terminal එකක් open කරලා පහලින් තියෙන command එක දෙන්න. 

   $ chmod -Rf 777 /var/lib/ntop/rrd

    ඊට පස්සෙ ඉතින් තියෙන්නෙ ntop restart කරන්න. එකට ඉතින් අපි සාමන්‍යයෙන් දෙන command eka දෙන්න මෙන්න මේ වගේ. 

   $ /etc/init.d/ntop restart





   දැන් ඉතින් උඩින් දාලා තියෙනව වගේ historical data graph icon එක පෙන්නන ඕනා. ඕක click කලහම මෙන්න මේ වගේ ලස්සනට graph ටික ගන්න පුලුවන් වෙයි.
…    මේකත් කරල බැලුවොත් comment එකක් දාන්න. මම ගිහින් එන්නම්.


Thursday, September 8, 2011

Cacti වලට NTOP plugin එක add කරන විදිහ දන්නවද ( How to add a NTOP plugin to cacti ).


-->
          මුලින්ම අපි පොඩ්ඩක් බලමු මේ කියන plugins වලින් මොනවද කරන්න පුලුවන් කියලා. මම අද දාන්න යන්නෙ ntop plugin එක. මම ntop ගැන කලින් දාපු post මෙතනින්  බලන්න. interface add  කරපු විදිහ මෙතනින් බලන්න. මෙතනදි දෙයක් කියන්න ඕන මම ntop දාන්න යන්නෙ ntop කලින් install නොකරපු machine එකකට. ඒ හින්දා මම දැනට ntop තියෙන machine එකකට මේ plugin එක දාන විදිහ ගැන නම් කියන්න දන්නෙ නෑ.
මුලින්ම cacti වලට plugin දාන්න ඕන නම් plugin archtecture එක add කරන්න ඕනා. ඒක කරන විදිහ මෙතනින් බලන්න. cacti වලට plugins add කරන්න තියෙන්නෙ බොහෝ විට එකම ක්‍රමයකට. මම මෙතනදි NTOP add කලාට වෙන එකක් දාන්න ලොකු වෙනසක් වෙන්න බෑ.
          මුලින්ම තියෙන්නෙ ntop plugin එක download කරන එක. ඒකට මෙතනින් ගන්න. ඊට පස්සෙ මේක unzip කරගන්න. මෙහෙම කරගත්තට පස්සෙ ntop කියලා folder එකක් ලැබේවි. folder එක /var/www/html/files-0.8.7g/plugins/ වලට copy කරගන්න.
දැන් තියෙන්න මේ plugin එක activate කරන එක. ඒකට usr/shared/cacti/site/include වල තියෙන config.php file එක open කරලා පහලින් තියෙන line එක $plugins = array(); එකට පස්සෙadd කරන්න.

$plugins[] = 'ntop';

ඒ කියන්නෙ දැන් මේක මෙන්න මේ වගේ වෙන්න ඕනා.

$plugins = array();
$plugins[] = 'ntop';

          දැන් ඉතින් save දීලා අපි බලමු මේක වැඩද කියලා. එකට http://127.0.0.1:3000 වලට යන්න. එතකොට පහල පලවේනි screenshot එක වගේ තැනකට ඒවි. එකෙ මම රවුම කරලා තියෙන තැන click කරන්න. එතකොට පහලින් පෙන්නල තියෙනවා වගේ graph, protocal වශයෙන් ගන්න පුලුවන්. ( මෙතනදි මම screen shot ගන්නකොට network එකකට connect වෙලා තිබුනෙ නෑ. එහින්දා කෑලි ටිකක් අඩුයි. )
මම වෙලාවක් තිබුනොත් තව plugin එකක් add කරන විදිහත් දාන්නම්. කොහොම වුනත් ලොකු වෙනසක් වෙන්නෙ නෑ. කරලා බැලුවොත් comment එකක් දාන්න අමතක කරන්න එපා. මම ගිහින් එන්නම් එහෙනම්



 
   උඩින් පොඩියට දාල තියෙන එක ලොකු කලහම මෙන්න මේ වගේ protocal වශයෙන් වෙන වෙනම පෙන්නන්නෙ.


Cacti වලට plugging architecture එක දාන්නෙ කොහොමද. ( How to add plugging architecture to Cacti ).


-->
          කලින් දවසක මම cacti ගැන post දෙකක් දැම්මා මතක ඇතිනේ. කලින් දාපු cacti install කරන එකයි, cacti වලට අලුතින් device එකක් add කරන විදිහයි බලන්න ඕන නම් මෙන්න මේ link එකෙන් installation එකයි මෙන්න මේ link එකෙන් device add කරන විදිහයි බලන්න පුලුවන්. cacti කියන්නෙ තවත් plugging add කරලා හුගක් develop කරන්න පුලුවන් monitoring system එකක්. ඒ හින්දා මේක install කලට පස්සෙ තව තව plugging add කරලා මෙක develop කරන විදිහ ගැන අද post එකක් දාන්න හිතුවා.
මුලින්ම plugging දාන්න කලින් cacti වලට plugging architecture ( PIA ) එක install කරන්න ඕන. මම install කලෙ cacti 0.8.7g. ඒකට අදාල plugging architecture එක මෙතනින්  download කරගන්න එක තමයි මුල්ම පියවර. ඊට පස්සෙ download කරපු තැනට ගිහින් zip folder එක unzip කරගන්න ඕන. ඒකට පහලින් තියෙන command එක හරි නැත්නම් නිකන්ම right click unzip කර ගන්න පුලුවන්.

$ tar -zvxf cacti-plugin-arch.tar.gz
 
         එහෙම unzip කරගත්තට පස්සෙ cacti-plugin-arch කියලා folder එකක් එයි. ඊට පස්සෙ තියෙන්නෙ plugging architecture එක install කරන එක. ඒකට ක්‍රම දෙකක් තියෙනවා.

පලමු ක්‍රමය.

          පලමු ක්‍රමය තමයි pre-patched files පවිච්චිකරලා කරන්න පුලුවන් ලේසිම එක. මේ ක්‍රමය ලේසි වුනාට පවිච්චි කරන්න වඩාත් යෝග්‍ය device add නොකරපු ඒවට. දැනටමත් device add කරලා නම් දෙවන ක්‍රමයට යන්න. මේ මොන වැඩ කරන්නත් කලින් ඔයාගේ cacti folder එකේ ( /usr/shared/cacti) backup එකක් කොකටත් අරන් තියාගන්න එක හොදයි. මොකද අවුලක් ගියොත් ඒක ආයෙත් restore කරන්න පුලුවන්නෙ. එහෙම backup එක ගත්තට පස්සෙ බලමු ඉස්සරහට කරන්න තියෙන ටික. දැන් ඔයා ගත්ත cacti-plugin-arch folder එක ඇතුලට ගියොත් ඔයාට files-0.8.7g කියලා folder එකක් හම්බ වෙයි. මෙන්න මේ folder එක දැන් ඉතින් /var/www/html වලට copy කරන්න ඕන. මෙතනදි මම පවිච්චිකලෙ ubuntu නිසා තමයි මේ location එක. මේක OS එක අනුව වෙනස් වෙනවා.

දෙවන ක්‍රමය.
         දෙවන ක්‍රමයෙදි කරන්නෙ කෙලින්ම patch පවිච්චි කරන එක. දැන් තියෙන්න කලින් unzip කරපු folder එකට ගිහින් cacti-plugin-0.8.7g-PA-v2.8.diff file එක copy කරලා ඒක /var/www/html folder එකට paste කරන්න. දැන් තියෙන්නෙ පහලින් තියෙන command දෙක run කරන්න.

$ patch -p1 -N --dry-run < cacti-plugin-0.8.7g-PA-v2.8.diff
$ patch -p1 -N < cacti-plugin-0.8.7g-PA-v2.8.diff

මෙතනදි ටිකක් විකාර ( ඇත්තටම මට තෙරුනේ නෑ ;) ) error message වගයක් එයි. කමක් නෑ අපි තවත් ඉස්සරහට යමු.

ඊට පස්සෙ තියෙන්නෙ configuration part එක. මේක ඔය මොන ක්‍රමයෙන් install කලත් කරන්න ඕන මේ කියන විදිහටමයි. මුලුන්ම අපිට තියෙනවා usr/shared/cacti/site/include වල තියෙන config.php file එක වෙනස් කරන්න. ඒකට database type,name,host,user name,password එක්ක පහලින් තියෙන විදිහට edit කරන්න. අවුලක් යයි කියලා හිතෙනව නම් කලින් වගේ මෙකෙත් backup එකක් ගන්න.

$database_type = "mysql";
$database_default = "cacti";
$database_hostname = "localhost";
$database_username = "cactiuser";
$database_password = "cactiuser";

/* load up old style plugins here */
$plugins = array();
//$plugins[] = 'thold';

/*
Edit this to point to the default URL of your Cacti install
ex: if your cacti install as at http://serverip/cacti/ this
would be set to /cacti/
*/
$url_path = "/cacti/";

/* Default session name - Session name must contain alpha characters */
#$cacti_session_name = "Cacti";
 
        දැන් තියෙන්නෙ පොඩි වැඩක් කරලා වැඩේ ඉවරයක් කරලා දාන එක. ඒ කියන්නෙ plugin architecture එකේ තියෙන pa.sql file එක cacti sql database එකට import කරන එක.
දැන් plugin archtechture එක install කරලා ඉවරයි. දැන් මේකට plugin add කරන්න තමයි තියෙන්නෙ. ඒක මම ඊලග post එකෙන් දාන්නම්. දැනට ගිහින් එන්නම්. වෙනද වගේ කියන්නෙ කරලා බැලුවොත් comment එකක් දාන්න.

Wednesday, September 7, 2011

Grub එක crash වුනොත් මොනවද කරන්නෙ...? ( unknown file type, grub rescue > ......? ).



             මගෙ ලැප් එකේ මම දාලා තිබුනෙ වින්ඩොස් 7. ඊට පිටින් උබුන්ටුත් දාලා තිබුනා. මේ ලගදි දවසක මට මාර වැඩක් වුනා. උබුන්ටු වල පොඩි ප්‍රශ්නයක් වෙලා මම ආපහු උබුන්ටු 11.04 ඉන්ස්ටොල් කරන්න ගියා. ඕක කරන කොට ඉතින් එනවනෙ power cable එක ගහලද නැද්ද කියලා. මම ඕක ගැන බලන්නෙ නැතුව forward කරගෙන ගියා. ඒත් power cable එක ගහලා තිබුනෙ නෑ. ඉන්ස්ටෝල් එක මග යද්දි මලා, ලැප් එක off වුනා. මම ආයෙත් බූට් කරනකොට තිබුන grub/OS දෙකම නැතුව "unknown file type, grub rescue >" කියලා prompt වෙලා නවතිනවා. සාමන්‍යයෙන් මම blog එකේ දානවට වඩා වෙනස් දෙයක් වුනත් මේක ගොඩ දාපු විදිහත් post එකක් දාන්න හිතුනා.
             හොදයි මුලින්ම මේක ගොඩ දාන්න windows 7 DVD එකක් ඕන. grub එකට අවුලක් ගියාට machine එක bootable cd/dvd එකකින් බූට් කරන්න පුලුවන්. ඒ හින්දා සාමන්‍ය විදිහට machine එක windows7 DVD එකෙන් බූට් කලහම සාමන්‍ය විදිහට language එක select කරලා, keyboard එකත් හරි විදිහට දුන්නට පස්සෙ ( සාමාන්‍යයෙන් පිලිවෙලින් English, US ). next දෙන්න.
           ඊට පස්සෙ system recovery options කියලා message box එකක් එයි. ඒකෙ "Use recovery tool that ...." select කරලා next දෙන්න.
දැන් choose a recovery tool කියලා එන message එකේ command prompt select කරලා command prompt එකක් ගන්න. දැන් තියෙන්නෙ පොඩි command දෙකක් දෙන්න විතරයි. පිලිවෙලින් පහලින් තියෙන command දෙක දෙන්න.

> bootrec /fixboot  
> bootrec /fixmbr

මෙතන පලමු command එකෙන් කියන්නෙ windows startකරන්න boot sector එක system partition එකට write කරන එක. දෙවනි එකෙන් කියන්නෙ master boot recoder එක fix කරන්න කියලා.
ඊට පස්සෙ තියෙන්නෙ ඉතින් command prompt එක close කරලා restart එකක් දෙන්න. සාමාන්‍ය විදිහට grub එක පොතේ හැටියට එන්න ඕනා. කරලා බැලුවොත් comment එකක් දාන්න. මම මේක කරනකොට මට screenshot ගන්න විදිහක් තිබ්බෙ නෑ. ඒහින්දා ඉතින් වෙනදාවගේ screenshot නම් දාන්න විදිහක් නෑ. හැබැයි මට මේක virtual machine එකක කරන්න පුලුවන් වුනොත් screenshot ටිකක් දාන්නම්. බැරි වුනොත් sorry තමයි. මම ගිහින් එන්නම්.

Thursday, September 1, 2011

Cacti වලට අලුතින් device එකක් add කරමු. ( How to add a new device to cacti )


            මම කලින් වතාවකදි cacti, ubuntu වල install කරලා configure කරන එක ගැන පොඩි post එකක් දැම්මනෙ. හැබැයි ඒකෙදි මට monitor කරගන්න පුලුවන් වුනෙ මගෙ lap එකේ performance විතරයි. කලින් post එක මෙතනින් බලන්න. නමුත් මේවගේ tool එකකින් බලාපොරොත්තුවෙන්නෙ localhost එක වගේ දෙයක් monitor කරගන්න නෙවෙයිසාමන්‍යයෙන් ලොකු network එකක තියෙන link වගේ දේවල් monitor කරන එක තමයි මේවගේ tool එකක් පාවිච්චි කරන එකේ ප්‍රධාන අරමුණ.
            නමුත් අපි කලින් කියපු විදිහට install කරලා configure කලාට පස්සෙ අපිට එන්නෙ localhost එක විතරයි. අද post එකේ අරමුණ එහෙම අලුතින් install කරපු cacti  වලට අලුතින් device add කරන විදිහ ගැන පොඩි idea එකක් දෙන එක තමයි.
            හොදයි මේක තවත් පැහැදිලි වෙන්න මම ගත්ත් screen shots ටිකත් මේත් එක්ක දාන්නම්. අපි එදා නැවතුනෙ මේ පලවෙනි screen shot එක තිබුන තැනින්. අලුතින් මම add කරන්න යන්නෙ cisco router එකක්. මම monitor කරන්න යන්නෙ මේකෙ snmp traffic එක ඉතින් මම මුලින්ම කරන්න ඕනෙ management device ගිහින් දකුණු පැත්තෙ උඩින් තියෙන add, click කරන්න. ( දෙවනි screen shot එක බලන්න ).




            හරි දැන් තියෙන්න අපි add කරන්න යන device එකේ විස්තර ටික දෙන එක. descriptionඑකට මොකක් හරි තෙරුමක් තියෙන දෙයක් දෙන්න,මේක තමයි graph එකට උඩින් පෙන්නන්නෙඊට පස්සෙ Hostname එකට hostname එක හරි  IP එක හරි දෙන්න. මේක cisco router එකක් නිසා මෙතන්දි host template එකට cisco router select කරන්න. මගෙ router එකේ තිබුනෙ snmp version 1 නිසා මම version එක version 1 තිබ්බා. ඊට පස්සෙ මගෙ community string එක දීලා ඉතුරු ටික default තියලා create දුන්නා.


            ඔක්කොම හරිනම් ඊට පස්සෙ මෙන්න මේ වගේ ඒ සියලු විස්තර එයි.
           
            දැන් මෙතන උඩ තියෙන create graph for this host කියන link එකට යන්න. එතකොට මෙන්න මේ වගේ තැනකට එයි.


මට මෙතනදි graph එකකට ගන්න ඕන snmp-generic OID template නිසා මම graph template වලට  snmp-generic OID template select කරලා graph type එකට මම in/out bits with total bandwidth, select කලා. ඊට පස්සෙ මෙන්න මේ වගේ graph එකට label වගේ දේවල් දෙන්න. ඒක තම තමන්ට ඕන දේවල් දාගත්තට වරදක් නෑ. ඊට පස්සෙ create දෙන්න.



ඊට පස්සෙ ඒ router එකට අදාල interface ටික ගැන මෙන්න මේ වගේ විස්තර ටිකක් එනවා. ඒකට ඔයට monitor වෙන්න ඕන interface ටික tick කරලා create දෙන්න.



දැන් වැඩ ටික හරි. දැන් තියෙන්න විනාඩි 15 විතර පැත්තකට වෙලා ඉන්දලා graph ගිහින් මෙන්න මේ වගේ graph එකක් ගන්න පුලුවන්.


          කලින් දවසකත් කිව්වා වගේ මේ cacti වල පොඩි වැඩ කෑල්ලක් විතරයි. වෙලාව තියෙන විදිහට තව කරපු කියපු දේවල් ටිකක් දානකන් මම ගිහින් එන්නම්. කරලා බැලුවොත් comment එකක් දාන්න අමතක කරන්න එපා.