Pages

Ads 468x60px

Featured Posts

Friday, January 4, 2013

Google Analytics වලින් වෙබ් අඩවියේ හිට් ගාන බලමු. - Use Google Analytics to monitor the site/blog

             මුලින්ම Google Analytics ගැන දන්නෙ නැති අයටත් දැනගන්න එක්ක කලින්ම මම Google Analytics ගැන පොඩ්ඩක් කියල ඉන්නම්.
…             Google Analytics කියන්නේ Google වලින් වෙබ් අඩවියක නැත්නම් බ්ලොග් එකක හිට් ගාන, ඒවා ආව තැන වගේම තවත් හුගක් දේවල් දැනගන්න පාවිච්චි කරන්න පුළුවන් service එකක්. සාමාන්‍යයෙන් බ්ලොග් එකක නම් මේ විස්තර බලන එක එච්චර අමාරු දෙයක් නෙවේ. ( මම දන්නෙ ඉතින් blogspot ගැන ). නමුත් Google Analytics වල ඊට වඩා හුගක් features ගොඩක් තියෙනවා.
             වැඩි විස්තරයක් නැතිව configure කරලම බලමු. මොකද මේක Google ආයතනය free දෙන service එකක්.
             මුලින්ම මෙතනින් Google Analytic වලට ගිහින් Google Account එකට sign in වෙන්ඩ ඕනෙ.

ඊට පස්සේ අපිට monitor කරන්න ඕන අපේ site එක ගැන විස්තර ඇතුළත් කරන්න. මෙතනදි එකම Google Analytics Account එකකින් අපිට වෙබ් අඩවි / බ්ලොග් කිහිපයක් උනත් monitor කරන්න පුළුවන්.
              ඒකට අවශ්‍ය තොරතුරු පහත විදිහට ඇතුලත් කලාට පස්සෙ මේකටම වෙනම tracking id එකක් සමග පොඩි script එකක් generate වෙනවා.



ඊට පස්සෙ තියෙන්නෙ බොහොම සුළුදෙයක්. Generate උන script එක අපේ site එකේ අපිට monitor කරන්න අවශ්‍ය හැම page එකකටම paste කරන එක.
 ඊට පස්සෙ පහත විදිහට page views, hits හැම දෙයක්ම ලබාගන්න පුළුවන්. මම මේ screen shot ටික ගත්තෙ Google analytics configure කරපුගමන්, ඒ නිසා මේ screen shot වල කිසිම විස්තරයක් නෑ. නමුත් ටික දවසකට පස්සෙ පුළුවන් උනොත් මීට වඩා විස්තර පෙන්වන screen shot ටිකක් වෙලාව තිබුනොත් upload කරන්නම්.


යන්ඩ කලින් තව දෙයක් කියන්න තියෙනවා. මේක ඇත්තටම හුගක් වැදගත් වෙන්නේ බ්ලොග් එකකට වඩා site එකකට. කරලා බලලා මටත් විස්තර කියන්න. මම ගිහින් එන්නම්.

Friday, October 12, 2012

Redhat වලට yum local repository එකක් හදමු. ( Create Yum local Repository on Redhat )


             සාමාන්‍යයෙන් windows වගේ නෙවෙයි Linux වලට software එකක් install කරනකොට හුගක් වෙලාවට software එකට අදාල තවත් dependencies install කරන්න වෙනවා. මේ නිසා Linux වලට software install කරන එක සමහර වෙලාවට හුගක් අමාරු වෙන්වා. හැබැයි online ඉන්න්ස්වනම් "yum" භාවිතා කරලා ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්. මොකද අපි "yum install" command එකත් එක්ක අදාල software එක දුන්නොත් ඒක install වෙන්නෙ ඊට අදාල dependencies ඔක්කොමත් install කරගෙන. නමුත් ඒකට online ඉන්න ඕනෙ. එතකොට අදාල software එක අපි හොයන තැන නැත්නම් ඒක වෙනත් තැනකින් කියන්නේ mirror එකකින් install කරගන්නවා.


              මම අද post එක දාන්නේ එහෙම online ඉන්නෙ නැතිව "yum install" command එකත් එක්ක අදාල software එක දුන්නහම ඒක ඕන dependencies එක්ක install කරගන්න පුළුවන් වෙන්න yum repo එකක් locally හදාගන්නේ කොහොමද කියලා කියන එක.
             අපිට මේකට ඕන rmp file ටික අපි ගන්නේ os එකේ image එකෙන්. මම මෙතනදි පාවිච්චි කලේ Redhat 5.8. අනිත් එක rpm ගනිද්දි අපිට ඒක copy කරලා ගන්නත් පුළුවන් නැත්නම් ios එක mount කරලා කරන්නත් පුළුවන්. මම කරන්නෙ mount කරන එක.
          මුලින්ම image එක copy කරලා ඊට පස්සේ ඒක mount කරන්න ඕනෙ. ඊට කලින් අපි image එක mount කරන්න directory එකක් හදාගන්න ඕනේ.

          මුලින්ම root permission අරගෙන වැඩේ පටන් ගමු.
# su – root
Password:<your_passwd>
# mkdir /rhel/iso

           ඊට පස්සෙ mount කරන්න මේ command එක දෙන්න.
# mount –o loop <path_to_iso> <location_to_mount_point>

          මම iso එක copy කලේ /tempo කියල directory එකකට. mount point එක කලින් හදපු directory එක. එතකොට මගෙ command එක මෙන්න මෙහෙමයි.

 # mount –o loop /tempo/rhel-server-5.8-x86_64-dvd.iso /rhel/iso

          දැන් iso file එක අපි දීපු තැනට mount වෙලා තියෙන්නේ. iso file එකක rpm තියෙන්නෙ Server කියලා directory එකක. ඔනෙ නම් අපිට ls /rhel/iso/Server කියලා තියෙන rpm ඔක්කොම බලන්න පුලුවන්.
දැන් අපිට /rhel/iso/Server වල තියෙන createrepo කියන package එක manually install කරන්න වෙනවා. ඒකට පහලින් තියන command එක දෙන්න.

# rpm –ivh /rhel/iso/createrepo

              දැන් තියෙන්නේ පහලින් තියෙන command එකෙන් local repo එක හදලා yum එක clear කරන්න. ඒකට /rhel directory එකට ගිහින් පහල command දෙක දෙන්න.
# cd /rhel
# createrepo .
# yum clean all

           දැන් repo එක හැදිලා ඉවරයි. නමුත් .repo file එකට අපි හදපු repo එකේ location එක දෙන්න ඕනෙ. එකට vim editor එකෙන් /etc/yum.repo/ කියන තැන. අපිට අවශ් repo file එක හදාගන්න ඕනෙ. එකට පහලින් තියෙන comman එක දෙන්න. මම මෙතනදි repo file eka හැදුවෙ iso කියලා. නමුත් කැමති නමක් දෙන්න පුලුවන්.

# vi /etc/yum.repo/iso.repo

        දැන් පහලින් තියෙන line ටික මේ file එකට add කරන්න. [vim editor එකෙදි type කරන්න කලින් insert/i බට්න් එක ඔබන්න ඕනේ. type කලාට පස්සේ ආපසු පිලිවෙලින් : wq දුන්නහම file එක save වෙලා exit වෙනවා.]

[iso-repo]
baseurl=file:///rhel/iso/Server
enabled=1
gpgcheck=0

           මෙතන file එකේ baseurl එකින් දෙන්නේ අපේ repo එක තියෙන තැන. file:// කියන්නේ http:// වගේ protocal එක.

             දැන් අපේ වැඩේ ඉවරයි. repo එකේ තියෙන ඕනෙම එකක් දැන් අපිට පහලින් තියෙන command පාවිච්චි කරලා install කරන්න පුලුවන්. ඊට අමතරව තවත් command ටිකක් තියෙන්වා yum එක්ක භාවිතා කරන්න පුලුවන්.

# yum install <package_name>           - package එකක් install කරන්න.
# yum remove <package_name>         - package එකක් remove කරන්න
# yum list installed                               - install වුන packages බලන්න.
# yum list available                              - repo එකෙ තියෙන package එකක් බලන්න. .
# yum  info <package_name>              - package එකක විස්තර දැනගන්න

         කරලා බලන්න. විස්තර මටත් කියන්න. මම ගිහින් එන්නම්.
හොයාගත්තෙ  මෙතනින්

Monday, January 16, 2012

PIC programming සිංහලෙන් ඉගෙනගන්න ආසද .....? ( PIC programming in Sinhala - Vidusara articles ).

    


          ටික දවසකට පස්සෙ මම lap එකට පොඩි සුද්දයක් දෙන්න හිතන් පොඩ්ඩක් hard එකේ තියෙන වැඩිය open කරන්නෙ නැති folder ටිකක් බලන කොට කාලෙකට කලින් විදුසර පත්තරේ පල වුනු pic programming ගැන article ටිකක් හම්බ වුනා. කට්ටියට බලන්න හොද දෙයක් නිසා මම ඒක blog එකට දාන්න හිතුවා.
        බලන්න කැමති අය පහලින් තියෙන ලින්ක් එකෙන් ඒක download කරගන්න.

                                                මෙතනින් download කරන්න

මේ ලිපි වල හිමිකාරීත්වය අදාල කතෘ තුමා විසින් දරන අතර ඒ පිලිබදව මගේ ස්තූතිය එතුමට පිරිනමනවා. තව දෙයක් තියෙනවා කියන්න. මම PIC program කරලා තියෙන්නෙ හතරක් පහක් තමයි, ඒ නිසා මේ Article ගැන මගෙන් අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන්න හුගක් වෙලාවට බැරි වේවි. ( ඒ වුනාට කමක් නෑ comment දාන්න, පුලුවන් වුනොත් බලමු  ). මම කරන්නෙ Article ටික share කරන එක විතරයි. ( මම මේකෙ ඔක්කොම Article කියවලත් නෑ ). කියවලා පුලුවන් නම් මටත් කුප්පියක් දාන්න. ගිහින් එන්නම්.

Friday, December 16, 2011

Backtrack 5 වල wifi වැඩ කරන්නෙ නැද්ද ..? ( Problem with wifi in Backtrack 5 ...? )

  

     මේ ලගදි දවසක මට පොඩි වැඩකට backtrack 5 දාන්න සිද්ධවුනා. මුලින්ම කියන්නම්කෝ ඒ මොකක්ද කියලා.. backtrack 5 කියනන්නේ linux OS එකක්. මේක හුගක් පාවිච්චි කරන්නෙ Hacking වගේ දේවල් වලට තව මේක vulnerability test කරන්න වගේ දේවල් වලටත් පාවිච්චි වෙනවා. පොඩ්ඩක් test කරලා බලන්න ඔනෙ නම් මෙන්න මෙතනින් download කරගන්න පුලුවන්. තියෙන්නෙ ඉල්ලන විස්තර ටික දීලා download දෙන්න විතරයි.
       දැන් ඉතින් ඕක install කලාට පස්සෙ මගෙ wifi වැඩ නෑ. මට ඕන වුනෙත් wifi සම්බන්ධ වැඩකට නිසා මම ඒක ගැන පොඩ්ඩක් search කලා පස්සෙ තමයි දැනගත්තෙ හේතුව drivers අවුලක් කියලා. ඉතින් ඒක ගොඩදාගත්ත විදිහත් කට්ටියට වැදගත් වෙයි කියලා හිතුන නිසා මම blog එකේ දාන්න හිතුවා.
       එහෙනම් ඉතින් වෙනදා වගෙම terminal එකක් open මෙන්න මේ code ටික ගහන්න පටන් ගන්න ;)


# ln -s /usr/src/linux /lib/modules/2.6.39.4/build
# cd/usr/src/
# wget http://linuxwireless.org/download/compat-wireless-2.6/compat-wireless-2011-07-14.tar.bz2

මට මෙතනදි මේ command එක වැඩ කලේ නෑ ඒ හින්දා මම මේක වෙනම download කරලා /usr/src එක ඇතුලට copy කලා

# tar jxpf compat-wireless-2011-07-14.tar.bz2
# wget http://www.backtrack-linux.org/2.6.39.patches.tar


මෙකත් කලින් වගේ වෙනම download කරලා /usr/src එක ඇතුලට copy කලා

# tar xpf 2.6.39.patches.tar
# cd compat-wireless-2011-07-14
# patch -p1 < ../patches/mac80211-2.6.29-fix-tx-ctl-no-ack-retry-count.patch
# patch -p1 < ../patches/mac80211.compat08082009.wl_frag+ack_v1.patch
# patch -p1 < ../patches/zd1211rw-2.6.28.patch
# patch -p1 < ../patches/ipw2200-inject.2.6.36.patch
# make
# make install

දැන් ඉතින් ඕක ටිකක් වෙලා ( පැය භාගයක් විතර ) වැඩ කරයි. ඊට පස්සෙ restart එකක් දෙන්න.

# reboot

        පොතේ විදිහට wifi වැඩ කරන්න ඕනෙ. කරල බැලුවොත් comment එකක් දාන්න. මම් ගිහින් එන්නම්.

        හොයාගත්තෙ මෙතනින්

Tuesday, December 6, 2011

Linux පාවිච්චි කරන අයට සිංහල ශබ්දකෝෂයක් ( install stardict in linux - for sinhala users ).




               හුගක් දවසකට පස්සෙ අද මට හිතුනා පොඩි පොස්ට් එකක් දාලා යන්න මට හම්බවුන පොඩි linux application එකක් ගැන. සමහරවිට මේ ගැන දන්නවත් ඇති, මොකද මේක අලුත් දෙයක් නෙවෙයි. මේක සිංහල ශබ්ද කෝෂයක්, නම stardict. සාමාන්‍ය ශබ්ද කෝෂයකට වඩා ටිකක් වැඩි වැඩ ටිකක් කරන්න පුලුවන්. google translation වගේ දේවලුත් පුලුවන්. තව pdf. word document වල අදාල වචනෙ select කලහම් තියෙන ඔක්කොම සිංහල වචන ටික එන්න විතරක් නෙවෙයි වචනෙ ශබ්ද කරන්නෙ කොහොමද කියලත් බලගන්න පුලුවන්. මට මේක ගැන කිව්වෙ මගෙ මිත්රයෙක්. කරලම බලමුකෝ.
                මුලින්ම සුපුරුදු පරිදි terminal එකක් open කරලා පහලින් තියෙන code එක ගහලා startdict install කරගන්න.

# apt-get install stardict

                දැන් තියෙන්නෙ සිංහල - ඉංග්රීසි ශබ්ද කෝෂය setup කරගන්න. මොකද stardict තියෙන්නෙ සිංහල වලට විතරක් නෙවෙයි. නිසා අපි මේක සිංහල වලට හදාගන්න ඕනෙ. එකට සිංහල ශබ්ද කොෂය මෙතනින් download කරලා පහලින් තියෙන command එකෙන් ඒක  /usr/share/stardict/dic  වලට unzip කරගන්න.

# tar -xzvf sinhala-stardict-120908.tar.gz -C /usr/share/stardict/dic

                දැන් Accessories වලට ගිහින් බලන්න stardict ඇති. open කරල මම කලින් කියපු විදිහට transtalate කරනවට අමතරව තව ගොඩක් දේවල් කරන්න පුලුවන්. මම මේක දැම්මෙ Backtrack වල නමුත් ubuntu වලටත් වැඩ. මගෙ OS එකේ screen shot ගන්න ක්රමයක් නැති නිසා screen shot එකක් නම් ගන්න බැරි වුනා. පුලුවන් වුනොත් පස්සෙ දාන්නම්. අදට මම යනවා. කරල බලලා වැඩනම් comment එකක් දාන්න.

Thursday, October 6, 2011

වින්ඩොස් 7 වල VMware vSphere Client run කරන්නෙ කොහොමද දන්නවද ? ( How to work with VMware vSphere Client in windows 7 ) - Video කුප්පිය

       කලින් වතාවකත් මම මේ ගැන post එකක් දැම්මා.  පස්සෙ මම මේකම youtube upload කලා. ඒකත් බ්ලොග් එකේ දාන්න හිතුවා. කලින් දාපු පොස්ට් එක මෙතනින් බලන්න. video එක තමයි මේ තියෙන්නෙ. 



Wednesday, September 21, 2011

Cacti installation වීඩියෝ කුප්පියක්. ( Cacti installation video tutorial )

     මම youtube එකේ search කරනකොට මට cacti ඉන්ස්ටල්ලටිඔන් එක ගැන තියෙන මරු video එකක් හම්බ වුනා. කට්ටියට දැනගන්න එක්ක එකත් දාන්න හිතුනා.


  cacti ගැන කලින් දාපු post පහලින් තියෙන link වලින් බලන්න.